IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


විශ්වාසභංග ක්‍රමවේදය ජනපතිට තීරණය කළ නොහැකියි

බිඟුන් මේනක ගමගේ

 

පාර්ලිමේන්තුව ක්‍රියා කරන්නේ ස්ථාවර නියෝග හා පාර්ලිමේන්තු සම්ප්‍රදායන් මත යැයි ද ජනාධිපතිවරයා යෝජනා කරන ක්‍රමවේදවලට විශ්වාසභංග යෝජනා ගෙන එන්නට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් නැතැයි ද ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා කීය.

 

ඉලෙක්ට්‍රොනික ක්‍රමය ඔස්සේ ඡන්ද විමසීමකින් පාර්ලිමේන්තුවේදී ලබන 5 වැනිදා නැවතත් විශ්වාසභංග යෝජනාවක් ගෙන එන්නැයි ජනාධිපතිවරයා දෙමළ ජාතික සන්ධානයට කර තිබූ යෝජනාව සම්බන්ධයෙන් කළ විමසීමේදී ජවිපෙ නායකයා මේ බව කීය.

 

ජනාධිපතිවරයාගේ යෝජනාව සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය පැහැදිලි කරමින් 5 වැනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරන්නේ යැයි ද දිසානායක මහතා කීවේය.

 

ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා මෙසේ ද කීය.

 

කතානායකවරයාට පාර්ලිමේන්තුවේ හඬින්, නමින්, පේලියෙන් පේලියට හා ඉලෙක්ට්‍රොනික ක්‍රමයට ඡන්ද විමසිය හැකියි. මේ අවස්ථා හතරම අපේ රටේ පාර්ලිමේන්තුවේ සිදු වී තිබෙනවා. පාර්ලිමේන්තුව වැඩකරන්නේ ස්ථාවර නියෝග හා සම්ප්‍රදායන් අනුවයි. ඒ සියල්ල ගත්තාම විශ්වාසභංග දෙකක් නිසි පරිදි සම්මත වී තිබෙනවා. විශ්වාසභංගය ඉලෙක්ට්‍රොනික ක්‍රමයට ගන්නැයි ඉල්ලීමේම තිබෙන්නේ නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටෙකුයි තා ටිකකුයි හෙවීමක්. මේ ප්‍රශ්නය මගහරින්න කල්අරින්න ඔහු දරණ ප්‍රයත්නයක්. එනිසා විශ්වාසභංගය පිළිබඳ ජවිපෙ ස්ථාවරය අනිද්දාට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරනවා. 

 

විශ්වාසභංගයක් සම්මත වූවාද නැද්ද තීරණය කිරීම පාර්ලිමේන්තුවේ කතානායකවරයාගේ කාර්යභාරයක්. එනිසා ජනාධිපතිවරයා මේ අනිසි විදියට පාර්ලිමේන්තුවට ප්‍රවිශ්ටවීමට දරණ ප්‍රයත්නය අපි ප්‍රතික්ෂේප කරනවා. අනෙක් කවර දේශපාලන පක්ෂයක් ඒ නිවට තත්ත්වයට පත්වුණත් ඔහුට අවශ්‍ය පරිදි විශ්වාසභංග සකසන්නවත් සම්මත කරන්නවත් ජනතා විමුක්ති පෙරමුණ බැඳී නෑ. 

 



අදහස් (0)

විශ්වාසභංග ක්‍රමවේදය ජනපතිට තීරණය කළ නොහැකියි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1163 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1169 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 433 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site