IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


ව්‍යවස්ථාවක් ගෙනැවිත් උතුරේ ජනතාව - ශ්‍රීලනිපය අතර විශ්වාසය බිඳින්න හදනවා

(ඩයනා උදයංගනී)

හදිසියේ නව ව්‍යවස්ථාවක් ගෙනැවිත් උතුරේ ජනතාව තුළ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කෙරෙහි ඇති විශ්වාසය බිඳ දැමීමට දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්. ඒ සුමන්දිරන් මහතා උත්සාහ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.

රටට නොගැළපෙන රට බෙදන ව්‍යවස්ථාවක් ඉදිරිපත් කර එයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විරුද්ධ වූ පසු උතුරේ ජනතාව තුළ පක්‍ෂය කෙරෙහි වෛරයක් ඇතිකරවීම ඔවුන්ගේ උත්සාහය බව ද  සභාපතිවරයා සඳහන් කළේය.

ඔහු මේ බව පැවසුවේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (7) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අර්බුද ඇති බව ඇතැමුන් පැවසුවත් එවැනි අර්බුදයක් නැතැයි ද හෙතෙම කීවේය.

මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශාන්ත බණ්ඩාර මහතා මෙසේ ද කියා සිටියේය.

        ‘‘නව ව්‍යවස්ථාවක් සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ යෝජනා නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු කමිටුවක් මගින් සකස් කර මේ වන විටත් ලබා දී තිබෙනවා. වෛරයක් පිරිමැහීමට මෙන් ඇතැමුන් උත්සාහ කරන පරිදි රටට නිදහස ලැබුණු පෙබරවාරි 4 වැනිදාට ව්‍යවස්ථාවක් ගේන්න බැහැ.

එයට අවශ්‍ය පසුබිමවත් මෙතෙක් සැකසී නැහැ. එ.ජා.පය හා ජනතා විමුක්ති පෙරමුණ හා එක්ව දෙමළ ජාතික සන්ධානයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ගන්නත් බැහැ. සුමන්දිරන් මහතා උත්සාහ කරන්නේ නව ව්‍යවස්ථාවක් ගෙනඒමට නොව එයට ඡන්දය නොදෙන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ගැන උතුරේ ජනතාව තුළ වෛරයක් ඇතිකිරීමටයි.

මේ වන විට උතුරේ ජනතාවගේ ජනප‍්‍රියම නායකයා වී සිටින මෛත‍්‍රීපාල සිරිසේන මහතා ගැන ඇති විශ්වාසනීයත්වය ඒ අයුරින් බිඳ දමන්නට අසීරුයි. සමස්ත ජනතාවටම ගැළපෙන ව්‍යවස්ථාවකට සහයදීමට අපි සූදානම්. එසේ නොමැතිව රට බෙදන ව්‍යවස්ථාවකට අපි සහය දෙන්නේ නැහැ.‘‘

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ තරුණ පෙරමුණේ ලේකම් එරික් වීරවර්ධන මහතා මෙහිදී මෙසේ පැවසීය.

    ‘‘ව්‍යවස්ථා හැදුවා කියා රට හදන්න බැහැ. දැන් ව්‍යවස්ථාවක් ගැන කියමින් මේ රටේ ජනතාවගේ ප‍්‍රශ්න අමතක කරන්න හදනවා. එය කාලය හා මුදල් නාස්ති කිරීමක්. ඊට පෙර රටේ ජනතාවගේ ප‍්‍රශ්න විසඳිය යුතුයි. ලෝකේ රටවල් හදා තිබෙන්නේ ව්‍යවස්ථාවලින් නෙවෙයි. රටවල් හදලයි ගැළපෙන ව්‍යවස්ථා හදන්නේ. මේ වන විට 19 වැනි සංශෝධනය සම්මත කර තිබෙනවා.

අද ලංකාවේ පුහුණුවක් නැති එකම ආයතනය පාර්ලිමේන්තුවයි. මන්ත‍්‍රීවරුන්ට රටේ ප‍්‍රශ්නවලට පිළිතුරු සෙවීම ගැන පුහුණුවක් දෙන වැඩපිළිවෙළක් රටට අවශ්‍යයි. මම පාර්ලිමේන්තුවට ගොස් මන්ත‍්‍රීවරයෙක්ගේ වගකීම් දැනගත්තේ විදෙස් පුහුණුවක් ලබලයි.

මේ රටේ බදු මුදලින් නඩත්තු වන මන්ත‍්‍රීවරුන් ජනතාවගේ ප‍්‍රශ්න විසඳිය යුතුයි. ඒ වගේම දැන් කළ යුත්තේ මැතිවරණයක් පවත්වා රට ස්ථාවර කරගැනීමයි. දකුණේ උතුරේ වෙනසක් නැතිව ජනතාවගේ ප‍්‍රශ්න විසඳීමට ව්‍යවස්ථාවකින් හැකියාව ලැබෙන්නේ නැහැ. දැන් අවශ්‍ය ව්‍යවස්ථාවක් නොව රටේ ප‍්‍රශ්න විසඳීමයි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ තරුණ පෙරමුණේ සංවිධායක ලේකම් දේශප‍්‍රිය රත්නායක, මාධ්‍ය සම්බන්ධීකාරක ලකිඳු ගජසෙන්, ක‍්‍රීඩා අධ්‍යාපන අංශ භාර සජිත් මෙන්ඩිස් යන මහත්වරුන්ද මෙම මාධ්‍ය හමුවට සහභාගී වූහ.



අදහස් (0)

ව්‍යවස්ථාවක් ගෙනැවිත් උතුරේ ජනතාව - ශ්‍රීලනිපය අතර විශ්වාසය බිඳින්න හදනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 224 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 386 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site