IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


‘ව්‍යවස්ථාව දිනවන්න තුනෙන් දෙක ගන්න බෑ’

(විනීතා එම් ගමගේ)
 
ජනතාවගේ බරපතල විරෝධතාවක් ඇති ෆෙඩරල් ව්‍යවස්ථාව සම්මත කර ගැනීම සඳහා තුනෙන් දෙකක කැමැත්ත ලබා දීමට ශ්‍රීලනිප මන්ත‍්‍රීවරු ආණ්ඩුවට එක් වේයැයි සිතා සිටීම මුලාවක් යැයි පිවිතුරු හෙළ උරුමය නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා ප‍්‍රකාශ කළේය. 

ආණ්ඩුවේ පුළුල්ම සංධානයට ඉන්නේ මන්ත්‍රීවරු 127යි.  ෆෙඩරල් ව්‍යවස්ථාවට සහය දෙන්නට ආණ්ඩුවේ පුළුල්ම සන්ධානයට ඉන්නේ මන්ත්‍රීවරු 126 ක්  පමණක් යැයි ද ගම්මන්පිල මහතා පැවැසීය.

ශ්‍රීලනිප මන්ත‍්‍රී 21 ක් ලබාගෙන ව්‍යවස්ථාව සම්මත කර ගන්නා බවට සුමන්තිරන් මන්ත‍්‍රීවරයා පවසා ඇතත් මන්ත‍්‍රීවරු 24 දෙනෙක් නැතිව එය සම්මත කර ගත නොහැකි බව ද සඳහන් කළේය.  

එජාපයේ 101 ක්, ශ්‍රීලනිප මන්ත‍්‍රිවරුන් හයදෙනා සහ දෙමළ සන්ධාන 14ත්  ජවිපෙත් පමණක් යැයි පෙන්වා දුන් ගම්මන්පිල මහතා ෆෙඩරල් ව්‍යවස්ථාව සම්මත වීමට නම් පාර්ලිමේන්තුවේ බහුතරය හෙවත් මන්ත්‍රීවරුන් 150ක සහයෝගය ලැබිය යුතු යැයි ද පෙන්වා දුන්නේය.

ලංකා ඉතිහාසයේ ලොකුම පැති මාරුව වූ කරු ජයසූරිය මහතා සමග 17 දෙනෙකු ආණ්ඩුවට එකතු වීම සිදුවූයේ ජනතාවගේ ආශිර්වාදය මැද ත‍්‍රස්තවාදය පරාජය කරන ආණ්ඩුවකට යැයි කී මන්ත‍්‍රීවරයා රටේ දැවැන්ත විරෝධයක් ඇති ෆෙඩරල් ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට 24 දෙනෙකු එකතු කර ගත හැකි දැයි ප‍්‍රශ්න කළේය. 

උදය ගම්මන්පිල මහතා මේ අදහස්  පළ කළේ පිට කෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ ප‍්‍රධාන කාර්යාලයේ අද (8) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. 



අදහස් (0)

‘ව්‍යවස්ථාව දිනවන්න තුනෙන් දෙක ගන්න බෑ’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 224 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 386 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site