IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


විධායක ජනාධිපති ක‍්‍රමය එපා යයි දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙළක්

(විනීතා එම්  ගමගේ)
 
විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ දැවැන්ත වැඩපිළිවෙළකට අවතිර්ණ වීමට ජාතික භික්ෂු පෙරමුණ කටයුතු කරන බව එම පෙරමුණේ ලේකම් වකමුල්ලේ උදිත හිමියෝ පැවැසූහ.

මෙම විධායක ජනාධිපති  ක‍්‍රමය අහෝසි කිරීමේ පනත පාර්ලිමේන්තුව තුළ විවාදයට ගන්නා අවස්ථාවක හෝ ඒ වෙනුවෙන් වු ජනමත විචාරණයක් සඳහා රජය සුදානම් වන අවස්ථාවක මේ පිළිබඳව ජනතාව දැනුවත් කරන අන්දමේ කරුණු පැහැදිලි කෙරෙන පත‍්‍රිකාවක් සෑම විහාරස්ථානයකටම ලැබෙන්නට සලස්වන බවත් ඒ හරහා ජනතා නියෝජිතයන් ද ජනතාව ද දැනුවත් කිරීම ඉතා පහසුවෙන් කළ හැකි වන බවත් උන් වහන්සේ කියා සිටියහ.

මේ අතර දේශපාලන කෙෂත‍්‍රයේ සිටින සියලූ දෙනාට ද මේ පිළිබඳ බලපෑම් කිරීමට ජාතික භික්ෂු පෙරමුණ කටයුතු කරමින් සිටින බව ද උදිත හිමියෝ තව දුරටත් කියා සිටියහ.

තමන් ගොඩ නගන මතය සමාජ ගත කිරීම පහසුවෙන් කළ හැකි වෙතැයි බලාපොරොත්තු වන බව ද උන්වහන්සේ තවදුරටත් කීහ.

විධායක ජනාධිපති ක‍්‍රමයේ අත්තනෝමතික බව අප නිරන්තරව සියලූ කි‍්‍රියාකාරකම්වල දී අත් විඳින බවත් විවිධ අංශ විසින්  එම ක‍්‍රමය රටට නොගැලපෙන බව කියා සිටියේ 1977/78 තරම් ඈත කාලයක සිට බවත් උදිත හිමියෝ කීහ. 

විධායක ජනාධිපති ක‍්‍රමය නැතිව බැරියැයි සිතන සංඝයා වහන්සේට ත‍්‍රිපිටකය සමාජ ගත කිරීමට කිසිසේත්ම නොහැකිවනු ඇතැයි ද උදිත  හිමියෝ කීහ.

උන්වහන්සේ මේ අදහස් පළ කළේ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ දී අද (07) පැවැති ජාතික භික්ෂු පෙරමුණේ මාධ්‍ය හමුවක දී අදහස් දක්වමිනි.     



අදහස් (0)

විධායක ජනාධිපති ක‍්‍රමය එපා යයි දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙළක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1196 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1191 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 437 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site