IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


විදුලි අර්බුදය ඇති වීමට හේතුව විදුලිබල හිටපු ඇමැති කියයි

(ඩයනා උදයංගනී)

විදුලි අර්බුදයක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා හදිසි මිලදී ගැනීම් යටතේ මෙගා වොට් 100ක විදුලිය මිලදී ගැනීමට විදුලිබල මණ්ඩලය කැඳවු ටෙන්ඩරය අමාත්‍යාංශය මගින් ක‍්‍රියාත්මක නොකිරීම නිසා රට තුළ විදුලි අර්බුදයක් ඇතිවීමට හේතු වූ බව හිටපු විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
 

විදුලිබල මණ්ඩලය කර ඇති ටෙන්ඩර් කැඳවීම අනුව විදුලි ඒකකයක් රුපියල් 28, 30 සහ 34 යන මිල ගණන් යටතේ මෙගාවොට් 100 ක් ලබාදීමට සමාගම් තුනක් ඉදිරිපත් වී සිටින බව කී මන්ත‍්‍රීවරයා එය මීට දින 38කට පෙර මිලදී ගත්තේ නම් දිනකට පැය 4ක් විදුලිය කැපීමට සිදු නොවන බවත්,  රජයට අවශ්‍ය නම් අද වුවද එම ප‍්‍රමාණය මිලදීගෙන විදුලිය කැපීම නවතා දැමිය හැකි බවත් ස`දහන් කළේය.
 
ටෙන්ඩරයට ලැබුණු මිල ගණන් වැඩි බව කියා අමාත්‍යාංශය එය ක‍්‍රියාත්මක කිරීම නවතා ඇති බව දැනගන්නට ඇතැයි ද කී මන්ත‍්‍රීවරයා දිනකට පැය 4ක් විදුලිය අත්හිටුවීමෙන් සිදුවන පාඩුවට සාපේක්‍ෂව එම මිල ගණන් වැඩි නොවන බව ද ප‍්‍රකාශ කළේය.
 

රාත‍්‍රියේ විදුලි ඉල්ලූම අධිකම කාලයේදී ගෑස් ටර්බයින ක‍්‍රියා කර විදුලි ඒකකයක් නිපදවීමට විදුලි බල මණ්ඩලයට වැයවන මුදල රුපියල් 40ක් බව ද හෙතෙම සඳහන් කළේය.
 
 ඉහත කී විදුලි ප‍්‍රමාණයට අමතරව දකුණු පළාතේ තිබෙන වෙනුවෙන් මෙගාවොට් 25ක් නිපදවිය හැකි ඈෂ් පවර් නැමති පෞද්ගලික විදුලි බලාගාරය හා මෙගාවොට් 50ක් නිපදවිය හැකි කෙරවලපිටියේ පිහිටි ඒෂියා පවර් බලාගාරය මිලදී ගැනීමට ද විදුලි බල මණ්ඩලය ඉල්ලීමක් කර තිබී ඇති නමුත් එයද ක‍්‍රියාත්මක වී නැතැයි සියඹලාපිටිය මහතා සඳහන් කළේය.


 රංජිත් සියඹලාපිටිය මහතා මේ බව පැවසුවේ පුංචි බොරැල්ලේ, තිලංග සුමතිපාල මහතාගේ නිවසේ පිහිටි පරිවර්තන කේන්ද්‍රයේදී අද (26)  පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.



අදහස් (0)

විදුලි අර්බුදය ඇති වීමට හේතුව විදුලිබල හිටපු ඇමැති කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 414 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16776 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site