(තිළිණි ද සිල්වා )
ශ්‍රී ලංකාවේ ප‍්‍රජාතාන්ත‍්‍රික හා ව්‍යවස්ථාමය සම්ප‍්‍රදාය සුරක්ෂිත කරමින් ඇතිවූ දේශපාලන තත්ත්වය අගය කරන බව ඇමෙරිකා එක්සත් ජනපදය අද (17) නිවේදනය කළේය.
එක්සත් ජනපද රජය වෙනුවෙන් කොළඹ ඇමෙරිකානු තානාපතිනි ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය ට්විටර් පණිවුඩයක් නිතුක් කරමින් මේ බව ප‍්‍රකාශ කර තිබේ.
ඇය එම ට්විටර් පණිවිඩයෙන් වැඩිදුරටත් කියා සිටින්නේ , ශ්‍රී ලංකාව ඉන්දු -පැසිෆික් කලාපයේ වටිනා හවුල්කරුවෙකු බවය.
එබැවින් ශ්‍රී ලංකා රජය සහ ජනතාව සමඟ සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමට කටයුතු කරන බව ඇමෙරිකානු තනාපතිවරිය සඳහන් කර සිටින්නීය.
මේ අතර ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ පසුගිය සති කිහිපයේදී මුළු රටටම බලපෑ දේශපාලන නොසන්සුන්කාරී තත්ත්වය සාමකාමී සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙසින් විසඳා ගැනීමට සියලු පක්ෂ වල නියෝජිතයින් සිවිල් සංවිධාන සාමාජික සහ රටේ පුරවැසියන් ලබා දුන් දායකත්වය අගය කරන බවය.
එසේම ඉදිරියට සියලුම පක්ෂ නියෝජිතයින් සාකච්ඡා මාර්ගයෙන් කටයුතු කළ යුතු බව පෙන්වා දෙන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ රටේ ජාතික ප‍්‍රතිසන්ධානය , ප‍්‍රජාත්ත‍්‍රවාදය සහ මානව හිමිකම් යන වැදගත් කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ සහයෝගීතාවයෙන් ඉදිරියට ගෙන යාමට අපේක්ෂා කරන බවය.
2025 දෙසැම්බර් මස 04
224
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
386
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා ව්‍යවස්ථාව සුරක්ෂිත කිරීම ඇමෙරිකාව අගය කරයි