IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


රුසියාවෙන් එවු සුබ පැතුම විදේශ කටයුතු අමාත්‍යංශය හංගලා

( විනීතා එම් ගමගේ)
 
රුසියානු සමුහාණ්ඩුවේ ආරක්ෂක අමාත්‍ය ශර්ගෙයි ෂොයිගු මහතා විසින් ශ්‍රී ලංකාවේ නව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා වෙත නිල සුභ පැතුම් පණිවිඩයක් එවා ඇත.
 
එකී සුබ පැතුම් පණිවිඩය ලැබී දින කිහිපයක් ගත වී ඇතත් ඒ පිළිබඳව කිසිදු ප‍්‍රචාරයක් දෙන්නට විදේශ කටයුතු අමාත්‍යංශය කිසිදු පියවරක්  නොගත් බවට රාජ්‍ය ඒකාබද්ධතා, සංහියා සහ රාජ්‍ය භාෂා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා එන් එම් පෙරේරා කේන්ද්‍රයේ දී  අද (3)  පැවැති සමාජවාදී ජනතා පෙරමුණේ මාධ්‍ය හමුවක දී එකී සුභ පැතුම් පණිවිඩය පෙන්වමින් චෝදනා කළේය. 
 
රාජ්‍ය නිලධාරින් අතරින් පිරිසක් රාජ්‍ය යාන්ත‍්‍රණය ගැලපෙන පරිදි පවත්වාගෙන යාමට රජයට සහය පළ නොකරන බවට චෝදනා කළ අමාත්‍යවරයා මෙම පණිවිඩයට ප‍්‍රචාරයක් නොදීම ඊට හොඳම උදාහරණය යැයි ද  පැවසීය. 
 
මේ රජයට කිසිම රටකින් පිළිගැනීමක් නැතැයි විපක්ෂය කරන චෝදනා මෙකී සුභ පැතුමෙන්  බොරු වන කී නානායක්කාර මහතා එවැනි වැරදි චිත‍්‍රයක් මවන්නට නිලධාරින්ගේ ද සහය ලැබෙන බව පෙනෙතැයි සඳහන් කළේය.
 
රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය කර්නල් ජෙනරාල් ඇලෙක්සැන්ඩර් ෆෝමින් මහතා විසින් මෙරට ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු වෙත ද සුභ පැතුම් එවා ඇතැයි අමාත්‍යවරයා කීය. 
 
සහයෝගිතාවය තව දුරටත් වැඩි දියුණු කරමින් අස්සන් කෙරුණු ‘‘ආරක්ෂක සහයෝගිතාව පිළිබඳ අන්තර් රාජ්‍ය ගිවිසුම’’ ආරක්ෂක කෙෂත‍්‍රයේ රුසියානු ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත් කිරීමේ මාවතෙහි තවත් එක් පියවරක් බවට පත් වූ බවත් මෙම ගිවිසුම මඟින් දෙරට අතර ආරක්ෂඛ සහයෝගිතාවය වර්ධනය කිරීමේ නව අපේක්ෂාවන් විවෘත වී ඇති බවත් එම සුභ පැතම් පණිවිඩයේ සඳහන් ව ඇතැයි ද හෙතෙම කියා සිටියේය.
 
දකුණු ආසියා කළාපයේ සහ ඉන්දියානු සාගරයේ සාමය පවත්වා ගැනීම සහ ස්ථාවරත්වය වෙනුවෙන් දෙරට අතර ආරක්ෂක සහයෝගිතාවය වර්ධනය කිරීම සඳහා මෙම නව පත්කිරීම් දායක වනු ඇතැයි ද රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා විශ්වාසය පළ කර ඇතැයි ද නානායක්කාර මහතා වැඩි දුරටත් සඳහන් කළේය. 



අදහස් (0)

රුසියාවෙන් එවු සුබ පැතුම විදේශ කටයුතු අමාත්‍යංශය හංගලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1163 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1169 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 433 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site