(ඩයනා උදයංගනී)
ලැබී ඇති කෙටි කාලය තුළ විශාල යමක් කිරීම අපහසු විය හැකි නමුත් රට වෙනුවෙන් කළ හැකි උපරිම සේවයක් කිරීමට බලාපොරොත්තු වන බව නගර සැලසුම්, ජලසම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මහතා පැවසීය.
විශේෂයෙන් ශිෂ්‍ය ගැටලූ විසඳීම, තරුණයන්ගේ විප්ලවකාරී හැඟීම් පිළිබඳව මෙන්ම ඔවුන්ගේ ගැටලූ ගැන අවබෝධයෙන් කටයුතු කළ යුතු බව කී ඇමැතිවරයා සෑම තරුණයකුටම රැකියාවකට අවශ්‍ය උපාධියක් ලබාදීම තම අරමුණ බව ද සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අද (21) සිය ධූරයේ රාජකාරී ආරම්භ කිරීමේ අවස්ථාවේදීය.
එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද කියා සිටියේය.
‘‘මේ රටේ ව්‍යවස්ථාදායකයත් අධිකරණයත් ගැටලූකාරී තත්ත්වයකට මුහුණ දී සිටි අවධියේ ධෛර්ය සම්පන්නව කටයුතු කිරීම නිසා අපට නැවත මේ තනතුරු ලැබුණත් ඒවා තාවකාලික බව අප සිහියේ තබාගත යුතුයි.
ඉදිරියේ දී අපට මැතිවරණ කීපයකට මුහුණ දීමට සිදු වේවි. ආත්මාර්ථකාමී වුවමනාවන්ට අනුව මැතිවරණය කැඳවීමක් නොකර රට වෙනුවෙන් සිතා මැතිවරණයක් ලබාදීම අප හමුවේ තිබෙන ප‍්‍රධානතම අභියෝගයයි.
මේ රටේ මතු පරම්පරාව මට බාර දී තිබෙනවා. එය විශාල වගකීමක්. සතියකට කීපවරක් විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් මෙම අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණ කරන බව මම දැන ගත්තා. අපි පුළුවන් ආකාරයෙන් ඒවා නිරාකරණය කර දීමට අවශ්‍යයි.
”අවුරුදු 20 දී කිසියම් තරුණයක් විප්ලවවාදියෙක් වුණේ නැත්නම් ඔහුගේ මොළයේ කිසියම් අඩුවක් තිබෙන බවත් එමෙන්ම අවුරුදු 40 දීත් ඔහු එම අදහස් ඉවත් කර ගත්තේ නැත්නම් එය ද ඔහුගේ මොළයේ අඩුපාඩුවක්” බවටත් ප‍්‍රසිද්ධ කියමනක් තිබෙනවා. අපි මෙය අවබෝධ කරගෙන තිබිය යුතු යි.

2025 දෙසැම්බර් මස 04
224
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
386
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘රට වෙනුවෙන් උපරිම සේවයක් කරන්න බලාපොරොත්තු වෙනවා’