විනීතා එම් ගමගේ
පාර්ලිමේන්තු මැතිවරණයේ දී නායකයන් ලෙස කවුරුන් තෝරා ගත්තත් රට වෙන්දේසි නොකරන අය තෝරා ගන්නට කටයුතු නොකරන්නැයි දේශය සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති ඇල්ලේ ගුණවංස හිමියෝ ජනතාවගෙන් ඉල්ලීමක් කළහ.
මව්බිම ගැන තීරණයක් ගන්නට ඇති අනගිතම අවස්ථාව ඉදිරි මැතිවරණය යැයි ද රටේ සංස්කෘතිය සභ්‍යත්වය අපේ කම රකින කණ්ඩායමක් රට පාලනය කරන්නට ගෙන ඒමේ අවස්ථාව මෙම මැතිවරණයෙන් උදාකර ගත හැකි යැයි ද උන්වහන්සේ කීහ.
මහ මැතිවරණයක් ලබා ගත හැකි වීම රටේ අනාගතය ගැන බලද්දී ඉතා හොඳ එකක් යැයි ද ගුණවංශ හිමියෝ කීහ.
කොකාට වාරයක් ආවේ නම් තිත්තයාටද වාරයක් එන්නේ යැයි ද මේ පැමිණ ඇත්තේ තිත්තයාගේ වාරය යැයි ද උන්වහන්සේ පැවසූහ.
ඉදිරි මැතිවරණයේ දී එක් එක් පක්ෂ විසින් ඉදිරිපත් කරන මැතිවරණ ප‍්‍රකාශන දෙස බලා රටට ජාතියට සැබෑ මෙහෙයක් ඉටු කෙරෙන පක්ෂය කුමක් දැයි තෝරා බේරාගෙන ඊට සහය දක්වන බව ද ගුණවංශ හිමියෝ කීහ.
තමන් විසින් ද ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කරන බවත් ඒවා ලබා දීමට සුදානම් පක්ෂය හෝ කණ්ඩායමට උපකාර කරන බව ද උන්වහන්සේ පැවසූහ.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැති වී යනවාට තමන් පෞද්ගලිකව විරුද්ධ බවත් කිරිබතට, ගොක් කොළයට, දවුලට තැන දුන් පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැවතීමට හොඳ නායකත්වයක් අවශ්‍ය වන බවත් උන්වහන්සේ පැවසූහ.
මෙතෙක් පැවැති ආණ්ඩු සියල්ලේ ම දේශපාලඥයන් කථා කළේ තමන් ගේ ප‍්‍රශ්න මිස රටේ ජනතාවගේ ප‍්‍රශ්න ගැන නොවේ යැයි පැවසූ ඇල්ලේ ගුණවංශ හිමියෝ ජනතාවට ඇත්තේ දේශපාලඥයින්ට ඇති ප‍්‍රශ්න නොවේ යැයි ද කීහ.
ඇල්ලේ ගුණවංශ හිමියෝ මේ අදහස් පළ කළේ තුන්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ දී අද (11) පැවති යුතුකම සංවිධානයේ මාධ්‍ය හමුවක් අමතමිනි.
2025 දෙසැම්බර් මස 04
223
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
386
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘රට වෙන්දේසි නොකරන නායකයන් තෝරා ගත යුතුයි’