(විනීතා එම් ගමගේ)
සිංගප්පූරු ගිවිසුම ගෙන ආ මලික් සමරවික‍්‍රම අමාත්‍යවරයා ඍජු වරදකරු බව ඒ පිළිබඳව පත්කළ විශේෂඥ කමිටුව පෙන්වා දී ඇති බැවින් ඔහුට එරෙහිව විශ්වාස භංගයක් ගෙන එන මෙන් සියලූම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ගෙන් ඉල්ලා සිටින බව තොරතුරු තාක්ෂණ වෘත්තියවේදීන්ගේ සංසදය ඉල්ලීමක් කරන බව එහි සභාපති ඉංජිනේරු කපිල පෙරේරා මහතා ප‍්‍රකාශ කළේය.
සිංගප්පූරු ගිවිසුම ගෙන එන විට එහි අන්තර්ගතය ගැන දැන නොසිටි බවත් තමන් මුලින්ම විරුද්ධ වූයේ එම ගිවිසුම අස්සන් කිරීම සඳහා අනුගමනය කළ අත්තනෝමතික ක‍්‍රමවේදයට බවත් පෙරේරා මහතා පැවැසීය.
ගිවිසුම අත්සන් කරලා කලයකට පසු මේ ගිවිසුම දැක ගන්නට හැකි වූ බවත් එහි ඇති අහිතකර බව දකින්නට ලැබුණේ ඉන් පසුව බවත් හෙතෙම කියා සිටියේය.
මේ පිළිබඳ පත් කළ අපක්ෂපාතී විශේෂඥ කමිටුවේ වාර්තාව මගින් ඉතා පැහැදිලිව තමන් කියු කාරණා තව දුරටත් සනාථ වී ඇති බවත් එබැවින් මලික් සමරවික‍්‍රම අමාත්‍යවරයාට තව දුරටත්, එම අමාත්‍යාංශය උසුලන්න අයිතියක් නැතිත බවත් ඔහු තව දුරටත් සඳහන් කළේය.
කපිල පෙරේරා මහතා මේ අදහස් පළ කළේ තුන්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ දී අද (7) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
නීති පතිවරයාගේ නිර්දේශ පවා නොතකා හරිමින් මලික් සමරවික‍්‍රම ඇමැතිවරයා විසින් ගිවිසුම අත්සන් කර ඇත්තේ නීතිවිරෝධී අයුරින් බව විශේෂඥ කමිටු වාර්තාව මඟින් පැහැදිලි වන බව ද ඔහු තව දුරටත් පැවැසීය.
මෙම ගිවිසුමෙන් ශ‍්‍රී ලංකාවට ලැබෙන කිසිදු වාසියක් විශේෂඥ කමිටුව විසින් පෙන්වා දී නැති බවත් රජයට ආනයනික බදු ආදායම අහිමි වීම, ගෙවුම් තුලනයට අහිතකර බලපෑමක් ඇති වීම ඇතුළු අවාසි රැසක් විශේෂඥ කමිටුව විසින් පෙන්වා දී ඇති බවත් වික‍්‍රමසිංහ මහතා කීය.
2025 දෙසැම්බර් මස 04
224
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
386
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මලික්ට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එන්න යයි