IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මාධ්‍යයට දිය යුතු නිසි තැන ගැන මීළඟ ජනපතිවරයා සැලකිල්ලක් දැක්විය යුතුයි

(හර්ෂණ තුෂාර සිල්වා)

මාධ්‍යවේදීන්ට සහ මාධ්‍යවලට දිය යුතු නිසි තැන සම්බන්ධයෙන් මීළඟ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව වැඩි සැලකිල්ලක් දැක්විය යුතු යැයි උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා අද (6) පැවැසීය.

දේශපාලනයේ සහ ප්‍රජාතන්ත්‍රවාදයේ පෙරගමන්කරුවන් බවට පත්විය යුතු මාධ්‍ය අද ව්‍යාපාරයක් බවට පත්ව ඇතැයි ද සුරේන් රාඝවන් මහතා කීවේය.

බත්තරමුල්ල උතුරු පළාත් ආණ්ඩුකාර උප කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ආචාර්ය සුරේන් රාඝවන් මහතා එම කරුණු කීය.

එහිදි අදහස් දැක්වූ උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා මෙසේ ද කීය.

“මාධ්‍ය යනු දේශපාලනයේ සහ ප්‍රජාතන්ත්‍රවාදයේ පෙරගමන්කරුවන් ලෙස සලකනවා. එහෙත් අද මාධ්‍ය ව්‍යාපාරයක් බවට පත්වෙලා. ප්‍රජාතන්ත්‍රවාදයේ පෙරගමන්කරුවන් ව්‍යාපාරයක් බවට පත්වූ විට එහි ගුණාත්මකභාවය පිළිබඳ ගැටලුවක් ඇතිවෙනවා.

රජය හෝ පෞද්ගලික අංශය මාධ්‍යවේදීන් වෘත්තිකයන් ලෙස පිළිගන්නේ නැහැ. එය විශාල අඩුපාඩුවක්. ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයන්ගේ සංගමයවත් ඒ පිළිගැනීම ලබා දී නැහැ. මා මේ ගැන නිරන්තරයෙන් කතා කරනවා.

මෙය අපේ ප්‍රජාතන්ත්‍රවාදයේ තිබෙන විශාල අඩුපාඩුවක්. ප්‍රතිපත්ති තීරණ ගන්න හැමෝගෙන්ම, මීළඟ ජනාධිපතිවරයාගෙන් ඊළඟ ආණ්ඩුවෙන් මාධ්‍ය පිළිබඳ තිබෙන සැලකිල්ල, මාධ්‍ය හා මාධ්‍යවේදීන්ට ලබාදෙන තැන ගැන සැලකිල්ලක් දක්වන්නැයි අපි ඉල්ලා සිටිනවා. ඒ ගැන ඕනෑකමින් බලන්න ඕනේ. මාධ්‍යයට හා මාධ්‍යවේදීන්ට වෘත්තීයභාවයක් ලබාදෙන්න ඕනේ.

මොකද අපේ රටේ අනාගතය රඳා තිබෙන්නේ මාධ්‍ය පෙරගමන්කරුවන්ගේ හැසිරීම මතයි”. 

(ඡායාරූප - චතුර එස්. කොඩිකාර)



අදහස් (0)

මාධ්‍යයට දිය යුතු නිසි තැන ගැන මීළඟ ජනපතිවරයා සැලකිල්ලක් දැක්විය යුතුයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site