IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


මෛත්‍රීගේ ජනපති සිහිනය බොඳවෙමින් පවතින බව කියයි

(නිමල කොඩිතුවක්කු)

මහින්ද රාජපක්ෂ මහතාගේ කණ්ඩායම ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමත් සමඟ මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපති සිහිනය බොද වෙමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී තුෂාර ඉදුනිල් අමරසේන මහතා පැවැසීය.

ජනාධිපති අපේක්ෂකත්වය ලබාගැනීම සම්බන්ධයෙන් මෛත‍්‍රීපාල සහ මහින්ද පිල එකිනෙකාට චෝදනා කරමින් වේදනාවෙන් කෑ මොර දෙමින් අදෝනා නගමින් සිටින බවද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද (27) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී තුෂාර ඉදුනිල් අමරසේන මහතා මෙසේද කීය.

"ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධ කථිකාවට  පොහොට්ටුවේ  මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ කණ්ඩායමත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රමුඛ කණ්ඩායම අතරත්  ගැටුම් ඇතිවෙමින් තිබෙනවා.

අපිත් එක්ක හිටපු මෛත‍්‍රීපාල  සිරිසේන මහතා ඔක්තෝබර් 26 වැනි දා  මහින්ද රාජපක්ෂ මහතාට අගමැති පූජාවක් කළා. සාමාන්‍යයෙන් මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙමෙයි. එතුමාගේ  විශාල බලාපොරොත්තුවක් තිබුණා. ඒකාබද්ධ විපක්ෂය ප‍්‍රමුඛ කණ්ඩායම  සමඟ සන්ධාන ගත වීමෙන් 2020 ජනාධිපතිවරණ  අපේක්ෂකත්වයට සිරිසේන මහතාට ඉදිරිපත් වෙන්න හැකියාව  ලැබෙයි කියලා.

මේ නිසා  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඇහෙන වෙඩිමුර සද්ද ඒතරම් ගුණ නැහැ. දයාසිරි ජයසේකර මහතා ප‍්‍රමුඛ කණ්ඩායම බොහොම තදට පොහොට්ටු කණ්ඩායමට ප‍්‍රහාර  එල්ල කරමින් තිබෙනවා.

පොහොට්ටු පක්ෂයෙනුත් දැන් එයට ප‍්‍රතිචාර එල්ල වෙමින් තිබෙනවා. පොලොන්නරුව  දිස්ත‍්‍රික් මන්ත‍්‍රී රොෂාන් රණසිංහ මහතා පහුගියා කිවුවා මෛත‍්‍රිපාල සිරිසේන මහතා ගෙදර ඉන්න බල්ලා තරම්වත් විශ්වාස නැහැලූ. එහෙම විශ්වාස නැත්නම් කොහොමද ඔක්තෝම්බර් 26 ආණ්්ඩුවක්  පිහිටෙවුවේ කියලා අපි අහනවා.

දෙපාර්ශවයෙන්ම මේ මතු වෙමින් ඉන්නේ  ඉදිරි ජනාධිපති අපේක්ෂකයා  නම් කිරිම සම්බන්ධ අදෝනාවයි. අපිට  මේ ගැන කිසිම ප‍්‍රශ්ණයක් නැහැ. අපිට  ජනාධිපතිවරණය සදහා තරඟ කරන්න  ඕන තරම් කන්ඩායම් ඉන්නවා."

 

(ඡායාරූප : ජයමාල් චන්ද්‍රසිරි)

 



අදහස් (0)

මෛත්‍රීගේ ජනපති සිහිනය බොඳවෙමින් පවතින බව කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 414 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16776 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site