IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


'මතින් තොර රටකට දේශපාලන කැපවීමක් ඕනෑ'

(බිඟුන් මේනක ගමගේ) 
 
මහජන නියෝජිතයන්ට මත්පැන්හල් බලපත් සැලකිය යුතු සංඛ්‍යාවක් තිබියදී මතින් තොර රටක් සංකල්පය ක්‍රියාවට නගන්නේ කෙසේදැයි තමා රජයෙන් ප්‍රශ්න කරන්නේ යැයි කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා ලංකාදීපයට පැවසීය.
 
මතින් තොර රටක් ගැන කතා කිරීමට අවශ්‍ය නම් පළමුව පාලකයන් ද සිය දුවා දරුවන් ද අරක්කු කර්මාන්තයෙන් ඈත්වන බවට ජනතා දිවුරුමක් දිය යුතු යැයි යෝජනා කළ හෙතෙම එසේ නොකොට ප්‍රතිපත්ති පමණක් සම්පාදනය සදාචාරවිරෝධී යැයි චෝදනා කළේය.
 
2019 අයවැය සමාලෝචන සාකච්ඡාවකට එක්වෙමින් මේ අදහස් පළ කළ ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා මෙසේ ද කීය. 
 
“මත්පැන් දුම්වැටි සඳහා නව බදු පැනවීමක් මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙනවා. එය මත්පැන් දුම්වැටි භාවිතය අධෛර්යමත් කිරීමේ අරමුණෙන් කළ යෝජනාවක් විය හැකියි. එහෙත් දේශපාලකයන් මත්පැන් අලෙවි බලපත් දැරීම ගැන මේ රටේ කාලයක් තිස්සේ විශාල සාකච්ඡාවක් තිබෙනවා. ඔවුනොවුන් ද එය විවේචනය කරගන්නවා. එයට පක්ෂ භේදයක් නෑ. එහෙම නම් මෙතැන ආර්ථික විද්‍යාත්මක ප්‍රශ්නයකට එහා ගිය ආචාර විද්‍යාත්මක ප්‍රශ්නයක් ඇති බව පැහැදිලියි.” 
 
 “මතින් තොර රටක් ගැන කතා කිරීමට පාලකයන්ට අවශ්‍ය නම් පළමුව ඔවුන් ඔවුන්ගේ ද ඔවුන්ගේ දුවා දරුවන්ගේ ද නමින් පාලනය වන හා හරිහම්බ කරන අරක්කු කර්මාන්තයෙන් ඈත්වන බවට ජනතා දිවුරුමක් දිය යුතුය. කෙටියෙන් කිවහොත් මැති ඇමැතිවරුන් සතුව පවතින මත්පැන් බලපත් අහෝසි කළ යුතුයි. දේශපාලකයන් පළමුව ඔවා දෙනු පරහට තමා සම්මතයෙහි පිහිටා සිට පිළිවෙතට පැමිණිය යුතුයි. ”



අදහස් (1)

'මතින් තොර රටකට දේශපාලන කැපවීමක් ඕනෑ'

Bamunuarachchi Saturday, 20 April 2019 04:44 PM

ලෝකයේ මත්පැන් නැති රටක් තිබෙනවාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 414 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16776 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site