IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


මත් උවදුර මඩින්න සාගර බළකායක්

(නිමල කොඩිතුවක්කු)
          
මතින් තොර රටක් සඳහා සමස්ත ධීවර ජනතාවගේ සහය පළ කරමින් මත්ද්‍රව්‍ය  මැඩලීමට සාගර බළකායක්  රට වටා ස්ථාපිත කරන බව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවැසීය.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ගෙන යන මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩපිළිවෙළට ශක්තියක් වෙමින්  මුහුදු මාර්ග ඔස්සේ රට තුළට විෂ මත්ද්‍රව්‍ය රැගෙන එම වැළැක්වීම මෙම වැඩපිළිවෙලේ අරමුණ බවද වෙදආරච්චි මහතා මාධ්‍ය හමුවේ සඳහන් කළේය.

රට වටා ඇති සියලු තොටුපල සහ ධීවර වරායන් ජාලගත කරමින් සමස්ත ධීවර ප‍්‍රජාවම ඒ සඳහා දායක කර ගැනීමේ ජාතික ක‍්‍රියාන්විතයක් ආරම්භ කිරීමට කැපවෙන බව ද ඔහු පැවසීය.
ධීවර වරාය නීතිගත සංස්ථාවට නව ප‍්‍රධානින් පත් කළ වහාම වරාය කළමනාකරණ කමිටු පිහිටුවා, එම කමිටු මගින් කළමනාකරණය, ධීවර වරාය සංවර්ධනය සහ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබේ.

මෙම වැඩසටහන මගින් මත්දුව්‍ය වැටලීම් සඳහා පොලිසියට , පොලිස් විශේෂ කාර්ය බළකායට, ශ්‍රී ලංකා නාවික හමුදාවට සහ වෙරළාරක්ෂක බළකායට සමස්ත ධීවර ප‍්‍රජාවගේම සහය ලබාදීමට කටයුතු කරන බවද දිලිප් වෙදආරච්චි මහතා වැඩිදුරටත් පැවැසීය.



අදහස් (0)

මත් උවදුර මඩින්න සාගර බළකායක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1196 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1191 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 437 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site