IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


‘මට විරුද්ධව අසත්‍ය ප්‍රචාර ගෙනයන්නේ හිස්බුල්ලා’

(ඩයනා උදයංගනී)
 
සහරාන් හෂීම් සමග තමන් සබඳතා තිබූ බව කියමින් රිසාන් මහරූෆ් නැමැත්තා මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප‍්‍රචාර පතුරුවන්නේ නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ උවමනාවට බව හෙළි වී ඇතැයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක, ඇමති රවුෆ් හකීම් මහතා පැවසීය.

හිස්බුල්ලා මහතා රිසාන් මහරූෆ් නැමැත්තාට මුදල් ලබා දී මෙම කටයුත්ත කරවන බවත් එය නැවැත්වීමට අවශ්‍ය නම් මුදල් දෙන ලෙස රිසාන් නැමැත්තා තමන්ට දුරකථනයෙන් පැවසූ බවත් කී හකීම් මහතා ඔහුට එරෙහිට පොලීසියට හා මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් කර නීතිමය පියවර ගැනීමට සූදානම් බව ද සඳහන් කළේය.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා මේ බව කොළඹ වෝක්ෂෝල් වීදියේ පිහිටි සජිත් ප්‍රේමදාස මහතාගේ මෙහෙයුම් කාර්යාලයේ දී අද (7)  පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

රිසාන් මහරූෆ් නැමැත්තා තමන් හා නැගෙනහිර පළාත් සභාවේ හිටපු මුස්ලිම් කොංග‍්‍රස් මන්ත‍්‍රී ෂිබ්ලි ෆාරුක් මහතා සමග කළ දුරකථන සංවාදයක් බව කියන හඬ පට දෙකක්ද අමාත්‍යවරයා මෙහිදී මාධ්‍යවේදීන්ට අසන්නට සැලැස්වීය.

එම දුරකතන ඇමතුම්වල හඬ රිසාන් මහරූෆ් නැමැත්තාගේම ද යන්න තහවුරු කරගැනීමට කිසිවෙකුට හෝ අවශ්‍ය නම් ලෝකයේ  ඕනෑම විද්‍යාගාරයකදී පරීක්‍ෂා කරබැලීම සඳහා ලබාදිය හැකි බව කී ඇමතිවරයා තමන් සතුව රිසාන් මහරූෆ් නැමැත්තා හමුවූ අවස්ථාවක වීඩියෝ පටයක්ද තිබෙන බව සඳහන් කළේය.

එවැනි අසත්‍ය ප‍්‍රචාර පැතිරවීම හරහා මුස්ලිම් ඡන්ද ලක්‍ෂ දෙකක් පමණ සජිත් ප්‍රේමදාස මහතාට අහිමි කිරීමත්, සිංහල ජනතාව තුළ ජාතිවාදය ඇතිකර ගෝඨාභය රාජපක්‍ෂ මහතාට වාසියක් ලබාදීමත් තමන්ගේ අරමුණ බව හිස්බුල්ලා මහතා මහරූෆ්ට පවසා ඇතැයිද හකීම් මහතා කීවේය.

කවුරුන් කුමන කුමන්ත‍්‍රණ කළත් ජනතාව සත්‍ය දන්නා බැවින් සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග‍්‍රහණය ස්ථිර බව ද හෙතෙම කියා සිටියේය.



අදහස් (0)

‘මට විරුද්ධව අසත්‍ය ප්‍රචාර ගෙනයන්නේ හිස්බුල්ලා’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 409 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16754 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site