IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


මේ රට සිංහල බෞද්ධ බහුතරය තියෙන ඒකීය රටක්

(නිමල කොඩිතුවක්කු)


මේ රට සිංහල බෞද්ධ බහුතරය තියෙන ඒකීය රටක් බවත් එය කාටවත් වෙනස් කළ නොහැකි බවත්  එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා පැවැසීය.

ත‍්‍රස්තවාදයක යළි ඇති නොවන තැනට වැඩ කිරිම සියලූම දේශපාලඥයින්ගේ වගකීම බැවින් රට සාමකාමීව ඉදිරියට ගෙනයාමට සියලූ දෙනා කැපවිය යුතු බවද ඔහු සඳහන් කළේය. 

අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ  කළේ කුඩා තේවතු සංවර්ධන අධිකාරිය මඟින් ක‍්‍රියාත්මක කරන වැවිලි සවිය - සසුනට එළියක් වැඩසටහනට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය නවින් දිසානායක මහතා මෙසේද කීය.
‘‘මේ රට සිංහල බෞද්ධ බහුතරය තියෙන ඒකීය රටක්. ඒක කාටවත් වෙනස් කරන්න බෑ. අපේ සිංහල බෞද්ධ රටේ අනෙකුත් ජන කොටස් වලට සිංහල බෞද්ධ බහුතරයට හා සමාන සියලූම අයිතිවාසිකම් තිබෙන බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. අපේ මූලික නීතිය වන ව්‍යවස්ථාවෙන් සියලූම ජන කොටස් වලට එක හා සමාන මානව අයිතිවාසිකම් අපි ලබා දී තිබෙනවා. 

අනාගතයෙත් අපි එලෙසම ඒ අයිතිවාසිකම් ලබා දෙනවා. අපි එය ආරක්ෂා කරනවා. මේ ජන සමාජයේ සැමට එක හා සමානව ලබා දී තිබෙන අයිතිවාසිකම් ඇරෙන්න කිසිම ජන කොට්ඨාසයකට විශේෂිත අයිතිවාසිකම් නෑ. 

සිංහල බෞද්ධයන් හැටියට අපිට තියෙන එකම රට තමයි මේ රට.  ඒ නිසා අපිට ඉතාමත්  ඕනෑකමින් ආදරයෙන් ගෞරවයෙන් කියන්න පුළුවන් මේ අපි ඉන්න එකම රට සිංහල බෞද්ධ රටක් කියලා. ඒකේ කිසිම ප‍්‍රශ්නයක් නෑ. 

මංගල සමරවීර මැතිතුමා සිදුකළ කතාවක් ගැන දැන් මාධ්‍ය මගින් විටින් විට පල වෙනවා. ඒ කතාව ඒ ඇති වූ වතාවරණය තුළ සිට බැලිය යුතුයි. ඒක වැරදියට එළියට ආවේ. 

ඒක පක්ෂයේ මතය නෙවෙයි. අපේ එක්සත් ජාතික පක්ෂය සියලූම ජාතීන් එක්ව අගය කරන පෝෂණය කරන පක්ෂයක්. එහි ජාති භේද නෑ. එම නිසා  මංගල සමරවීර මහතා කීව ඒ කතාවෙ ගැම්මක් හෝ ගැඹුරක් ඇති කියලා මම විශ්වාස කරනවා. 

මේ රටේ තියෙන ආගම් අතර සුහදතාවය ආරක්ෂා කර ගන්න අපිට පුළුවන් වෙලා තියෙනවා ද කියන ගැටලූව අද තියෙනවා. අපි හදවතට තට්ටු කරලා පක්ෂ දේශපාලනයකින් තොරව ඒකට පිළිතුරක් දිය යුතුයි. ඒ නිසා ප‍්‍රභාකරන් වැනි බිහිසුණු යක්ෂයෙක් මේ රටේ නිර්මාණ වුණා.  

2005 බලයට පත්වූ මහින් රාජපක්ෂ මහතාට පුළුවන් වුණා සාර්ථකව ඒ බිහිසුණු යක්ෂයාව මේ රටෙන් තුරන් කරන්න. ඒ අවස්ථාවේ අපිත් පක්ෂ දේශපාලනයෙන් තොරව එතුමා සමඟ එකතු වුණා. එහිදී අපිට ගොඩක් චෝදනා ආවා. 

කරූ ජයසූරිය මැතිතුමාට මට අපි පක්ෂය අමතක කළා , 

2005 බලයට පත්වූ මහින් රාජපක්ෂ මහතාට පුළුවන් වුණා සාර්ථකව ඒ බිහිසුණු යක්ෂයාව මේ රටෙන් තුරන් කරන්න. ඒ අවස්ථාවේ අපිත් පක්ෂ දේශපාලනයෙන් තොරව එතුමා සමඟ එකතු වුණා. එහිදී අපිට ගොඩක් චෝදනා ආවා. 

කරූ ජයසූරිය මැතිතුමාට මට අපි පක්ෂය අමතක කළා , පක්ෂය පවා දුන්නා ඔය වගේ කතා මැසිවිලි චෝදනා අපට කළා. නමුත් අපි එතුමත් එක්ක එකතු වුණේ මේ රට ත‍්‍රස්තවාදයෙන් මුදවා ගන්න.

මේ රටේ නැවතත් ලේබලයක් ගහන්න පුළුවන් යම්කිසි ත්‍රස්තවාදයක් ආපහු එනවා ද නැද්ද කියලා අපිට විශාල වේදනාවක් දැනෙනවා ඒ නිසයි අපි කියන්නේ අපි පරෙස්සම් විය යුතුයි. 

උන දේ අපිට හරි ගස්වන්න බෑ. නමුත් වගකිව යුතු දේශපාලඥයෝ විදිහට නැවතත් කිසිම ත‍්‍රස්තවාදයක් මේ රටේ හිස ඔසවන්න බැරි වෙන්න අපි ක‍්‍රියා කළ යුතුයි යැයිද අමාත්‍යවරයා එහිදි පැවැසීය.



අදහස් (0)

මේ රට සිංහල බෞද්ධ බහුතරය තියෙන ඒකීය රටක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1592 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1382 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 491 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site