(නිමල කොඩිතුවක්කු)
පාර්ලිමේන්තුවේ බහුතරය දිනා සිටින පක්ෂයේ නායකයා අග‍්‍රාමාත්‍ය ධුරයට පත්කිරිම ප‍්‍රතික්ෂේප කිරීමෙන්ම මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ නියම ඒකාධිපති ස්වරූපය පෙන්නුම් කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් පී පෙරේරා මහතා අද (27) පැවැසීය.
බහුතරය පිළිබඳ කට මැත දොඩවන මහින්ද රාජපක්ෂ මහතාට හැකිනම් පාර්ලිමේන්තුවේ ඡන්ද 90ක් ගෙන පෙන්වන ලෙසට තමන් අභියෝග කරන බවද මන්ත‍්‍රීවරයා සදහන් කළේය.
තමන්ට පාර්ලිමේන්තුවේ ඇති ඡන්ද ප‍්‍රමාණය පරීක්ෂා කරගන්නා ලෙසට මහින්ද රාජපක්ෂ මහතාට යොජනා කරන බවත් පැවසූ මන්ත‍්‍රීවරයා පාර්ලිමේන්තු ඡන්දයක් විමසන අවස්ථාවේ මේ යතාර්ථය පරික්ෂා කරගැනීමට හැකියාව ඇති බවද කොළඹ අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් පී පෙරේරා මහතා මෙසේද කීවේය.
‘‘පවතින දේශපාලන අර්බුදය හමුවේ එක්සත් ජාතික පෙරමුණ තනි මතයක සිටිනවා. එක්සත් ජාතික පෙරමුණ හෝ එක්සත් ජාතික පක්ෂය තුළ කිසිදු බෙදීමක් නැහැ. මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ උපාය මාර්ගය තමයි එක්සත් ජාතික පක්ෂය තුළ බෙදිමක් ඇතිකරලා අපේ පක්ෂය දුර්වල කිරීම.
එතුමා මුලින්ම අපේ පෙරමුණේ සිටින පක්ෂ කඩලා එලියට ගන්න උත්සාහ කලා. ඒවා අසාර්ථක වුණාහම දැන් උත්සාහ කරනවා එක්සත් ජාතික පක්ෂය තුළ බෙදිමක් ඇති කරන්න. අපේ සතුරාට අපිව දුර්වල කරන්න පුලූවන් කිසිම දෙයක් අපි කරන්නේ නැහැ.
අපි මෛත‍්‍රිපාල සිරිසේනටත් මහින්ද රජපක්ෂත් යන දෙන්නටම කියනවා එක්සත් ජාතික පෙරමුණ හෝ එක්සත් ජාතික පක්ෂය කොටස් වලට කඩන්න ඔබට බැහැ. අපි ඒකට ඉඩ දෙන්නෙත් නැහැ කියලා’’ යැයිද ඔහු එහිදි කියා සිටියේය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
‘බහුතරය ඇති නායකයා අගමැති නොකිරීමෙන් ජනපතිගේ ඒකාධිපති භාවය පේනවා’