(සුජිත් හේවාජුලිගේ)
‘‘බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ඉන්නේ වෙනත් ලෝකයක.එතුමා පියවි ලෝකයේ ඉඳලා කටයුතු කරනවා නම් මේ කිසිම ප්‍රශ්නයක් නැහැ‘‘.යැයි බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා ලංකාදීපයට අද (22) පැවැසීය.
බස්නාහිර පළාත් සභාවට ලොකු මුදලක් වැය කර පුටු මිලදී ගැනීමට ගත් උත්සාහයක් තමා මැදිහත්වී නැවැත්වූ බවට පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් අප කළ විමසුමකදී ප්‍රධාන ඇමැතිවරයා මෙසේ කීය.
ඉසුර දේවප්‍රිය මහතා මෙසේද ප්‍රකාශ කළේය.
‘‘ආණ්ඩුකාර මේ ගැන මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කරන්න කලින් මා එක්කත් ඇමැති මණ්ඩලය එක්කත් සාකච්ඡා කරන්න තිබුණා.නමුත් එතුමා ඒ විදිහට කටයුතු කළේ නැහැ.මීට කලින් හිටපු ආණ්ඩුකාරවරුන් කටයුතු කළේ ඒ විදියටයි.
ආණ්ඩුකාරතුමා දේශපාලන පක්ෂයක නායකයෙක් මේ නිසා එතුමා ආණ්ඩුකාර තනතුරෙන් එහා ගිහින් කටයුතු කරන විදිහක් පේනවා.ඔහු පළමු වෙන්ම ආණ්ඩුකාර තනතුරේ කාර්ය පටිපාටිය තේරුම් ගත යුතුයි.
පළාත් සභාවේ පුටු ප්‍රශ්නයක් ආවා.එය සිදුවුණේ ඇතැම් නිලධාරීන්ගේ වැරදි නිසයි.ඒ ගැන තොරතුරු දැන ගන්නට ලැබුණු ගමන් මම ඒ වැරැද්ද නිවැරදි කිරීමට පියවර ගත්තා.
පළාත් සභාවේ දූෂණයට ,වංචාවට,නාස්තියට කිසිවිටෙකත් ඉඩ තියන්නේ නැහැ.පිරිසිදු පළාත් සභාවක් ඇති කිරීමට දිවි හිමියෙන් කැපවෙනවා‘‘
2025 දෙසැම්බර් මස 04
223
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
386
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘‘බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ඉන්නේ වෙනත් ලෝකයක‘‘ - ඉසුර දේවප්‍රිය