IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


බලය වෙනුවෙන් විපක්ෂය ගෝත්‍රිකයන් ලෙස ක්‍රියා කරනවා’

(නිමල කොඩිතුවක්කු)

විසිඑක් වන සියවසේ ජීවත්වනවා වෙනුවට  බලය වෙනුවෙන් ඒකාබද්ධ විපක්ෂය ගෝත‍්‍රිකයන් ලෙස කටයුතු කරන බව කොළඹ  දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජුබර් රහුමාන් මහතා පැවැසීය.

ජාතිවාදය සහ ආගම්වාදය පිලිබඳ කතාකරනවා මිස ඔවුන්ගෙන් රටට බලාපොරොත්තු විය හැකි දෙයක් නොමැති බවත්  මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

කොළඹ අරලියගහ මන්දිරයේ   පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජුබර් රහුමාන් මහතා මෙසේද කීය.

‘‘අපේ රජය ගතවූ වසර හතර තුළ රටේ විශාල සංවර්දන වැඩපිළිවෙළක් ගෙන ගියා. ජනතාවගේ  යටිතල පහසුකම්, සෞඛ්‍ය සේවාව, අධ්‍යාපන සේවය, ගම්වල පාරවල් හදන්න විශාල මුදලක් වෙන් කළා. මේ අවුරුද්දේත්  ගම්පෙරලිය වැඩසටහන මගින් එක ආසනයකට මිලියන තුන්සීක් වෙන් කරලා විශාල වැඩපිලිවලක් කර ගෙන යනවා.

අපේ රජය යටතේ පසුගිය  වසර හතරහමාර තුළ මේ රටේ සංවර්ධනය, දියුණුව,  දේශපාලන ප‍්‍රතිසංස්කරණ, රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය  තහවුරු කිරීම, නීතියේ ආධිපත්‍ය  තහවුරු කරමින් අධිකරණයේ  ස්වාධීනත්වය  ඇතිකරමින් ආපු ගමනක් අපි දැක්කා. ඔක්තෝබර්  මාසයේ සිදුවූ ඒ කුමන්ත‍්‍රණයත් එක්ක යම් ප‍්‍රමාණයකින් පස්සට යන්න අපිට සිදුවුණා.  මේ තත්වය නිවැරදි කරමින් අපි ආපු  ගමන පාස්කු ඉරිදා ප‍්‍රහාරයත්  එක්ක නැවත ආපස්සට හැරිලා තියෙනවා.

ඒ ගමන ආපස්සට හරවන්න මේ බෝම්බය පිපිරෙනකම් බලාගෙන හිටපු පිරිසක් අද රටේ ඉන්නවා.  ඒ අය මේ පාස්කු ඉරිදා ප‍්‍රහාරය  නිකං අවුරුද්ද සමරනවා වගේ සමරනවා.  මේ රටේ අහිංසක  ජනතාවගේ මලමිනී  උඩින් ගිහින් තමන්ගෙන් ගිලිහුනු බලය  යලි ලබා ගැනීමේ උත්සාහයක ඔවුන් නිරත වෙලා සිටිනවා.

අද ඔවුන් සංවර්ධනය පිළිබඳ ආණ්ඩුවට චෝදනා එල්ල කරන්නේ නැහැ.  ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ආර්ථිකය ගැන ඔවුන් කතා කරන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන්  ජාතිවාදය ආයුධයක් කරගෙන දඟලනවා.

ජාතිවාදය  මගින් බලයට ඒමට අද ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න සමහර දේශපාලන නායකයො කටයුතු කරනවා. ඒ සදහා ඔවුන් ඉතාම  ගෝත‍්‍රක විදියට මේ රටේ ජනතාව අතර  සැකය වෛරය අවුස්සන්න කටයුතු  කරගෙන යනවා.  ඔවුන් පහුගිය කාලයේ  උතුරේ ආවා කල්ලිය හැදුනම ඒක ලොකූ බිල්ලෙක් මවලා නැවත එල්.ටී. ටී. ඊ සංවිධානය බිහිවුණා කියලා  ජනතාව අතර කාවද්දන්න විශාල උත්සාහයක් දැරුවා.

දවසගානේ මේ රටේ ජනතාව අතර සැකය,  වෛරය, අවිශ්වාසය ඇතිකරන  සඨන්පාඨ නිතරම  ඔවුන්ගේ මාධ්‍ය සාකච්ඡාවල ඔවුන් කතා කරනවා.  එක්කො ඇවිත් දොස්තර සාෆි ගැන කියනවා,  එක්කො ඇවිත් ජනගහනය ගැන කියනවා.  එහෙම කියලා අපිව බෙදලා වෙන්කරලා අපි  එකෙනිකා අතර සැකයෙන් බලන මානසිකත්වයක්  මේ රටේ ඇති කරන්න  අද ඒකාබද්ද විපක්ෂය උත්සාහ කරනවා.

මේ ඇතිවූ ත‍්‍රස්තවාදී උවදුර අද වනවිට මුළුමනින්ම විනාශ කරන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. ඒ ගැන අපි ආරක්ෂක අංශ වලට ස්තූතිවන්ත විය යුතුයි’’ යැයිද මන්ත‍්‍රීවරයා එහිදී පැවැසීය.

 



අදහස් (0)

බලය වෙනුවෙන් විපක්ෂය ගෝත්‍රිකයන් ලෙස ක්‍රියා කරනවා’

ඔබේ අදහස් එවන්න

 

 
 

මාධ්‍ය හමුව

මත්තලින් රට රැකියාවලට යන අයට වට්ටම්
2020 සැප්තැම්බර් මස 17 468 0

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළින් විදේශ රැකියා සදහා පිටව යන ශ්‍රී ලාංකිකයන්ට ඉදිරියේ දී වට්ටම් ලබා දීමට රජය සුදානම් යැයි සංචාරක අමාත්‍ය ප්‍ර


සමගි ජන බලවේගයේ ශාඛා සමිති ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළක් සතිඅන්තයේදී
2020 සැප්තැම්බර් මස 16 516 0

පක්ෂයේ සංවිධාන ජාලය සහ ශාඛා සමිති ශක්තිමත් කරගැනීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් මේ සති අන්තයේ සිට ආරම්භ කිරීමට සමගි ජනබලවේගය තීරණය කර තිබේ.


‘ජනතාවගේ අවශ්‍යතා ඉටු කරනවා වෙනුවට ආණ්ඩුව රටේ නීති රීති වෙනස් කරනවා‘
2020 සැප්තැම්බර් මස 15 337 0

තම අභිමතාර්ථ ඉටුකරගැනීම වෙනුවෙන් පැය 24 ක් තුළ ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කර ඇති ආණ්ඩුවට ජනතා අවශ්‍යතා වෙනුවෙන් මාස දහයක් තුළ කිසිවක් ඉටුකර ගැනීමට


’විධායකයේ බලතල කප්පාදුවට අත එසවූ පිරිස් 20 ශක්තිමත් කරන්න අත ඔසවනවා’
2020 සැප්තැම්බර් මස 03 1475 7

විධායක ජනාධිපති ධූරයේ බලතල සීමාකර ප්‍රජාතන්ත්‍රවාදයත් පාර්ලිමේන්තුවත් ශක්තිමත් කිරීමට 19 වන සංශෝධනයට අත එස වූ පිරිස පාර්ලිමේන්තුවත් ප්‍රජාතන්ත්‍රව


‘ආණ්ඩුව ජනතා අභිලාෂයන්ට පයින් ගසලා’
2020 අගෝස්තු මස 24 363 0

තුනෙන් දෙකේ බලය පාවිච්චි කර ජනතාවගේ යහපත් අපේක්ෂාවන් ඉටු කරනවා වෙනුවට වර්තමාන ආණ්ඩුව පළවෙනි කැබිනට් මණ්ඩලයේ දීම 19 වන ව්‍යවස්ථා සංශෝධනය විසිකර දමා ජනත


වසර 30 ක සේවය අයගමින් සිහිසුන් රෝගියා ගෙදර එවයි
2020 අගෝස්තු මස 23 273 0

සෞදි අරාබියේ වසර 30කට ආසන්න කාලයක් සේවය කරමින් සිටියදී මීට මාස දෙකකට පමණ පෙරදී රෝගාතුරවී සිහිසුන් තත්ත්වයෙන් එරට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 487 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 129 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1147 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site