IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


‘පාර්ලිමේන්තුව පන්සලක් සේ සිතා කටයුතු කළ යුතුයි’

විනීතා එම් ගමගේ
 
විධායක ජනාධිපති ධුරය ශ්‍රී ලංකාවේ වඩාත් ශක්තිමත්ව ස්ථාපනය විය යුතුම බව පාර්ලිමේන්තුවේ පසුගිය සතියේ සිදුවූ සිද්ධීන් දෙස බැලීමේ දී වැටහී යන බව කොළඹ 7, සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානාධිපති, ශාන්ති පදනමේ අනුශාසක කොටපොල අමරකිත්ති හිමියෝ පැවසූහ. 


එමෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදය යන වචනය තව දුරටත් විමර්ශනයට ලක් කිරීම අත්‍යවශ්‍ය යැයි ද උන්වහන්සේ කීහ. 
පවතින ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුවෙන් ඉටුවී ඇත්තේ ඩයස්පෝරාවෙන් බටහිර රටවලත් වුවමනා එපාකම් පමණක් යැයි පෙනී යන්නේ යැයි කී අමරකිත්ති හිමියෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ජනතා හිත සුව පිණිස පවතින්නේ ද යන්න විමසා බැලිය යුතු යැයි පවසන්නේ ඒ නිසා යැයි ද පැවසූහ.


ජනතාවට අයිති රට රැකීමේ කොන්ත‍්‍රාත්තුව දේශපාලකයින්ට දුන්නේ ජනතාව නම් කොන්ත‍්‍රාත්කරු හරියට කොන්ත‍්‍රාත්තුව නොකරන්නේ නම් ඉවත් කිරීමේ පුළුවන්කම ද ජනතාවට තිබිය යුතු බවත් ඒ දිනකින් ද දෙකකින් ද වසරකින්ද දෙකකින් ද යන්න නම් කළ යුතු නැතැයි ද අමරකිත්ති හිමියෝ පැවසූහ.


අගමැතිවරයා ඇතුළු පිරිස මේ රට ගෙන යන්නේ කොතැනකට දැයි යන්න ගැන භික්ෂුන් වහන්සේලා පුදුමයෙන් හා බියෙන් බලා සිටි බවත් ශ්‍රී ලංකාව ඉතා නරක තැනකට යාමට පෙර ජනාධිපතිවරයා ගත් තීරණය ගැන සතුටුවන බවත් උන්වහන්සේ කීහ.
           
 



අදහස් (0)

‘පාර්ලිමේන්තුව පන්සලක් සේ සිතා කටයුතු කළ යුතුයි’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 414 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16776 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site