(මුදිතා දයානන්ද)
පාර්ලිමේන්තුව තුළ කලකෝලාහල කරන, පිහියෙන් අැනීමට සැරසෙන, මිරිස්කුඩු ගසන, පුටු කඩන සියලු දෙනා මහමැතිවරණයකදී පරාජයට පත් කිරීම ජනතාවගේ වගකීමක් යැයි නියංගොඩ විජිතසිරි සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනා හිමියෝ අද (28) පැවසූහ.
උන්වහන්සේ මේ බව පැවසුයේ මහමැතිවරණයක් උදෙසා ජාතික ව්‍යාපාරය විසින් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැත්වූ සම්මන්ත‍්‍රණයකදී අදහස් දක්වමිනි.
එහිදි තවදුරටත් අදහස් දැක්වූ අනුනාහිමියෝ මෙසේද පැවසූහ.
‘‘අද ව්‍යවස්ථාදායකයත්, විධායකයත්, අධිකරණයත් කියන බලකේන්ද්‍ර අතර අර්බුදයක් ගැටුමක් ඇති වෙලා තිබෙනවා. මේ නිසා අද රට අස්ථාවර වෙලා. මහමැතිරවණයකින් තමයි දැන් ඇති වී තිබෙන අර්බුදය විසඳිය හැක්කේ. මහමැතිවරණයක් කැඳෙව්වොතින් ජනතාවට හැකියාවක් ලැබෙනවා දේශපේ‍්‍රමි පාලනයක් බිහිකර ගන්න. මහජනතාව ඒ සම්බන්ධයෙන් සැළකිලිමත් විය යුතුයි.
ඔය පාර්ලිමේන්තුව තුළ කලකෝලාහල කරන, පිහියෙන් අනින්න යන, මිරිස්කුඩු ගහන, පුටු කඩන සියලූ දෙනා පාර්ලිමේන්තුවෙන් පැත්තකට කරලා දාන්න ඡන්ද දායකයින් හැටියට මහජනතාව කටයුතු කළ යුතුයි. පාර්ලිමේන්තුවට තෝරාගත යුත්තේ රට හිතැති, රටේ සංවර්ධනය උදාකළ හැකි පිරිසකුයි‘‘යැයි උන්වහන්සේ පැවැසූහ.
ඡායාරූප - ශාන්ත රත්නායක



2025 ඔක්තෝබර් මස 08
1163
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1169
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
433
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පාර්ලිමේන්තුවේ කලහ කළ මන්ත්‍රීන් පරාජය කරන්න