බිඟුන් මේනක ගමගේ
ජනාධිපති ධූරය මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර ද දෙවරකට සීමා කර ඇමැතිවරුන්ට පාර්ලිමේන්තුව නියෝජනය කළ නොහැකි පරිදි නීති සම්පාදනය කළ යුතු යැයි කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා හා රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ධම්ම දිසානායක මහතා ‘ලංකාදීප’යට පැවසීය.
පාර්ලිමේන්තුව අද වනවිට ව්‍යාපාරිකයන්ට ගජමිතුරන්ට හා පවුල්වලට සීමා වී ඇතැයි ද එය ජනවරම සැබෑ ලෙස නිරූපණය කරන ආයතනයක් කළ හැක්කේ එවැනි නීති සම්පාදනයකින් පමණක් යැයි ද ධම්ම දිසානායක මහතා දේශපාලන සාකච්ඡාවකට සම්බන්ධ වෙමින් අවධාරණය කළේය.
ඇමැතිවරුන් ලෙස තේරී පත්වන මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීධූරය අහෝසි කළ විට පාර්ලිමේන්තුවේ පිල් මාරුවට නැවතීමේ තිත තැබිය හැකි යැයි කී හෙතෙම මෙවැනි ප්‍රතිසංස්කරණයක් වෙනුවෙන් සියලු දේශපාලන පක්ෂ කැපවිය විය යුතු යැයි ද කීවේය.
අපේක්ෂකයන් තේරීම අඩුම තරමින් ආසන බල මණ්ඩලවල සාමාජිකයන්ටවත් ලබා දිය යුතු යැයි ද විවිධ චෝදනාවලට ලක්වූවන්ට දේශපාලන පක්ෂවල නායකයන් විසින් නාමයෝජනා දෙනු ලැබීම වැලැක්විය හැක්කේ එමගින් යැයි ද දිසානායක මහතා පැවසීය.
මෙම ප්‍රතිසංස්කරණ සිදුකළහොත් බුද්ධිමත් විචාරශීලී මිනිසුන් පිරිසක් පාර්ලිමේන්තුවට යැවීමට ජනතාවට හැකි වනු ඇතැයි ද එසේ නොකොට පවතින පාර්ලිමේන්තු නියෝජිතයන්ගේම දේශපාලන ප්‍රතිසංස්කරණ අපේක්ෂා කිරීම අර්බුදයෙන් අර්බුදයට යෑමක් වනු ඇතැයි ද ධම්ම දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 04
224
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
386
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය වාර දෙකකට සීමා කළ යුතුයි - ධම්ම දිසානායක
sarath Thursday, 20 December 2018 09:24 AM
ඇත්තටම වටිනා යෝජනාවක්... මෙවැනි සබුද්ධික නිරීක්ෂකයින්ගේ අඩුවක් පැහැදිලිවම ලංකාවේ තිබෙන්නේ. සිවිල් සමාජය බලගැන්විය යුත්තේ මෙවැනි සබුද්ධික යෝජනාවලින් මිස ආන්තික දේශපාලන කල්ලිවාදී අදහස්වලින් නෙවෙයි.