නාලක සංජීව දහනායක.
එක්සත් ජාතික පක්‍ෂය පළාත් පාලන හා පළාත් සභා මැතිවරණ කල් දමන විට ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව කතා නොකළ උදවිය අද ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතාකිරීම පුදුමයට කරුණක් යැයි කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම්ජයන්ත මහතා අද (13) පැවැසීය.
මැතිවරණවලට මුහුණ නොදීම හා මැතිවරණ කල් දැමීම එක්සත් ජාතික පක්‍ෂය අතීතයේ සිට කළ සෙල්ලමක් යැයිද මන්ත්‍රීවරයා කීය.
එහිදී මන්ත්‍රීවරයා මෙසේද පැවැසීය.
“කතානායකවරයා විසින් ආණ්ඩු පක්‍ෂයේ සහභාගීත්වයෙන් තොරව එකසත් ජාතික පක්‍ෂය, ද්‍රවිඩ ජාතික සංධානය හා ජනතා විමුක්ති පෙරමුණේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුව රැස්කරලා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය පළකිරීමේ යෝජනාවක් සම්මත කරගත්තා. ඒ අනුව ද්‍රවිඩ ජාතික සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 14 දෙනෙකුගේ සහාය සහිතව එම යෝජනාවට ඡන්ද 117ක් ලැබී තිබුණා.
එම ඡන්ද විමසීම ජනතා විමුක්ති පෙරමුණ ඉතාම උපක්‍රමශීලීව මඟ හැරියා. නමුත් ජාතික හෙළ උරුමය, ද්‍රවිඩ ජාතික සන්ධානය සමඟ එකට එක්ව ඡන්දය දුන්නා.
තමන්ගේ කොන්දේසිවලට එක්සත් ජාතික පක්‍ෂය එකඟවීම නිසා එක්සත් ජාතික පක්‍ෂයට සහය පළකරමින් ඡන්දය ප්‍රකාශ කළ බව ද්‍රවිඩ ජාතික සංධානය ප්‍රකාශ කරනවා. එහෙත් තමන් එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක කොටස්කරුවන් නොවන බවත් ඔවුන් පවසනවා. ද්‍රවිඩ ජාතික සන්ධානය ආණ්ඩුවක කොටස්කරුවන් නොවන්නේ නම් ඔවුන්ගේ ඡන්ද ඉවත් කරන්න වෙනවා. ඒ අනුව එක්සත් ජාතික පක්‍ෂයට ලැබී තිබෙන්නේ ඡන්ද 103ක් පමණයි. එක්සත් ජාතික පක්‍ෂයට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නැති බව එම ඡන්ද විමසීමෙන් පැහැදිලි වෙනවා.”
බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී අද (13) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 04
224
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
386
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
’ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා නොකළ අය අද කතාකිරීම පුදුමයක්’