(නිමල කොඩිතුවක්කු)
නව ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමට සහාය දක්වන සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාට, පක්ෂ භේදයකින් තොරව ඉදිරි මැතිවරණවලදී පරාජය කිරීමට මහා සංඝ රත්නය පෙරට වඩින බව පැවිදි සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ කොළඹදී පැවැසූහ.
රටට වින කටින සියලු පිරිස් පලවා හැරීමට මහා සංඝරත්නය ප‍්‍රමුඛ සියලු දෙනා කැපවිය යුතු බවද උන්වහන්සේ සඳහන් කළහ.
පැවිදි හඬ සංවිධානය නාරාහේන්පිට අභයාරාමයේදී අද (10) පැවැත්වූ ප‍්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව පැවැසූහ.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ මෙසේද කීහ.
‘‘අතීතයේ සිට රටට අහිතකර ව්‍යවස්ථා අණ පනත් ඉදිරිප්වූ සෑම අවස්ථාවකදීම මහා සංඝරත්නය ඉදිරිපත් වී ඒවා පරාජයට පත් කළා. දැන් යළිත් එක්සත් ජාතික රජය මේ රට විනාශය කරා ගෙන යමින් තිබෙනවා.
නැවත වරක් මේ රට කෑලි කෑලි වලට කඩලා එක්තරා පිරිසකගේ අභිමතාර්ථයන් ඉටුකිරිමේ වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක වනවා. විදේශීය කුමන්ත‍්‍රණකරුවන්ගේ සහාය ඇතිව මේ පිරිස යළිත් රට බෙදන්න පිඹුරු පත් සකස් කරමින් සිටිනවා.
රට බෙදන මේ ව්‍යවස්ථාව සම්මත කිරිමට කවුරු හරි අත ඉස්සුවොත් ගෙයින් ගෙට ගිහින් මහජනතාව දැනුවත් කර එම පිරිස පරාජය කිරීමට මහා සංඝ රත්නය විදියට අපි කටයුතු කරනවා. අපි ඔවුන් නැවත වාරයක් පාර්ලිමේන්තුවට නොඑන විදියේ දැවැන්ත වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කරනවා.
ජනතාවටත් අපි කියනවා මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන්න කියළා. ඒ වගේම අපි ගෙනියන මේ වැඩපිළිවෙළ සමඟ එකතු වන ලෙසට මහානායක හිමිවරුන් ඇතුළු මහා සංඝ රත්නයටත් අපි ආරාධනා කර සිටිනවා’’ යැයිද උන්වහන්සේ එහිදි පැවැසූහ.
2025 දෙසැම්බර් මස 04
224
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
386
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘පක්ෂ භේදයකින් තොරව සංඝරත්නය පෙරට වඩිනවා’