බිඟුන් මේනක ගමගේ
ජනමාධ්‍යවේදීන්ට සිදු වූ හිංසන සම්බන්ධයෙන් යුක්තිය අපේක්ෂා කළ ජනමාධ්‍ය සමාජය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතාට ස්ථාන මාරුවක් ලබාදීම මගින් කම්පනයට පත්ව සිටින්නේ යැයි ශ්‍රී ලංකා වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
සන්ඬේ ලීඩර් පුවත්පතේ කර්තෘව සිටි ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයට අදාළවත් රිවිර පුවත්පතේ හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන් හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් වන කීත් නොයාර් හා නාමල් පෙරේරා ඇතුළු මාධ්‍යවේදීන්ට හිංසා කිරීම සම්බන්ධයෙන් විමර්ශන පවත්වමින් සිටින්නේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා වීම ඊට හේතුව යැයි ද එම නිවේදනයේ සඳහන් වේ.
ඉහත සිදුවීම්වල සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වූයේ නිශාන්ත සිල්වා මහතා දක්ෂ ලෙස අපරාධ පරීක්ෂණ සිදුකිරීම නිසා යැයි ද ශ්‍රී ලංකා වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පවසයි.
මෙම තත්ත්වය ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාවත් මාධ්‍ය නිදහසත් අනතුරට හෙළීමක් යැයි ද නීතිය හා සාමය භාර ඇමැතිවරයා වශයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එහි මූලික වගකීම ගත යුතු යැයි ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
නිශාන්ත සිල්වාගේ ස්ථාන මාරුව ජනමාධ්‍ය නිදහසට තර්ජනයක්