IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


නවීන වෛද්‍ය නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් බණ්ඩාරගම

(නිමල කොඩිතුවක්කු)


ගුණාත්මක ඖෂධ සහ වෛද්‍ය උපකරණ මෙරට තුලම නිශ්පාදනය කිරීමේ අරමුණින් නවීන තාක්ෂණයෙන් යුත් වෛද්‍ය නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරගම රයිගම ප්‍රදේශයේ දී  ආරම්භ කෙරිණ.
 
ගුණාත්මක ඖෂධ සහ වෛද්‍ය උපකරණ මෙරට තුලම නිශ්පාදනය කිරීමේ සෞඛ්‍ය අමාතයාංශය විසින් ගනු ලැබූ තීරණයට සහය දක්වමින් ෆ්ලෙක්සිකෙයා ලංකා පෞද්ගලික සමාගම විසින් මෙම වෛද්‍ය නිශ්පාදන කර්මාන්තශාලාව ආරම්භ කරනු ලැබීය.
 
මෙය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමත ඇමරිකානු ඩොලර් මිලියන දහයක ව්‍යාපෘතියකි.
 
මෙම කර්මාන්ත ශාලාවේ නිපදවනු ලබන වෛද්‍ය නිෂ්පාදනවලින් සියයට අනූවකට  වැඩි ප්‍රමාණයක් අපනයනය කරනු ලබන අතර දේශීය බෙදාහැරීමේ කටයුතු මෙරට විශිෂ්ට නාමයක් සහිත ටෙක්නොමඩික්ස් ඉන්ටර්නැෂනල් ප්‍රයිවට් ලිමිටඞ් ආයතනය විසින් සිදුකරනු ලබයි.
 
මෙමගින් දේශීය වශයෙන් ඍජු රැකියා අවස්ථා 600ක් පමණ උත්ප්පාදනය වන අතර මෙහි නිෂ්පාදන ක්‍රියාවලිය යුරෝපීය උසස් ප්‍රමිතීන් මත පිහිට සිදුකරනු ලබයි.
2019 වසර වනවිට 30 වන වසර සලකුණු කරනු ලබන ෆ්ලෙක්සිකෙයා සමූහය ජාත්‍යන්තර වශයෙන් ප්‍රධානතම වෛද්‍ය උපකරණ නිෂ්පාදන ආයතනයක් බවට පත්ව තිබේ.
 
එක්සත් රාජධානිය තුල ප්‍රධානතම වෛද්‍ය නිෂ්පාදන සිදුකරන ආයතනයක්ද වන  මෙම සමූහය ජාත්‍යන්තරව අනුබද්ධිත සමාගම් 12කින් යුක්තව ලොව පුරා රටවල් 110ක් සඳහා සිය සේවාවන් පවත්වාගෙන යනු ලබයි.
 
මෙම අවස්තාව සඳහා විදුලිබල ශක්ති, ව්‍යාපාර කළමනාකරණ අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුලු පිරිසක් එක්වූහ.
 



අදහස් (0)

නවීන වෛද්‍ය නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් බණ්ඩාරගම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 414 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16776 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site