(නිමල කොඩිතුවක්කු)
ඔක්තෝබර් 26 වැනිදා විධායකයේ මැදිහත්වීමෙන් රට තුළ සිදුවූ දේශපාලන කුමන්ත්රණයේ පාඩුව සිදුවූයේ රටට බව එක්සත් ජාතික පක්ෂ පුත්තලම දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිරෝෂන් පෙරේරා මහතා පැවැසීය.
මාධ්‍ය හමුවේ විශේෂ ප‍්‍රකාශයක් කරමින් ඒ මහතා මේ බව පැවැසීය.
‘‘අද වනවිට රටේ සියළු අංශ කඩා වැටිලා. දේශපාලන ස්ථාවරත්වය බිඳ වැටීම තුළ ජාත්‍යන්තර වශයෙන් රට හුදෙකලා වෙලා. දැන් තියෙන ගැටළුව දරුණු ආර්ථික සම්බාධක වලින් මිදී මූලික අවශ්‍යතා සපුරාගෙන ශී‍්‍ර ලාංකික ජනතාවට ඉදිරියේදී ජීවත් වෙන්න පුළුවන් වෙයිද කියන එකයි.
ජනාධිපතිවරයාටත් ඔහු සමඟ සන්ධාන ගත වූ රාජපක්ෂ රෙජීමයටත් දේශපාලන කුමන්ත‍්‍රණය වැරදිලා තිබෙනවා. පාර්ලිමේන්තු ක‍්‍රමය තුළ ආණ්ඩුව ප‍්‍රතික්ෂේප වෙලා, මිල මුදලටවත් බහුතරය හදාගන්න බැරි වී තිබෙනවා. ජනාධිපතිවරයා ප‍්‍රමාද වී හෝ යථාර්ථය තේරුම් ගෙන රට තුළ ස්ථාවරත්වය ගොඩ නැගීමට කටයුතු කළ යුතුයි.
ශී‍්‍ර ලංකාව මධ්‍යම ආදායම් ලබන රටක්. අපේ රටට හුදෙකලාව ආර්ථික ඉලක්ක ජය ගැනීමට කිසිසේත්ම හැකියාවක් හෝ ඉඩක් නැහැ. අද මේ ආණ්ඩුව ලෝකයේ කිසිම රටක් පිළිගන්නේ නැහැ. රුපියලේ දරුණු කඩා වැටීම, විදේශ ආයෝජකයින්ගේ පලායෑම, සියළු සංවර්ධන ව්‍යාපෘති අඩාලවීම අද ප‍්‍රබල ව්‍යවසනයක් බවට පත්වෙලා තිබෙනවා.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
‘දේශපාලන කුමන්ත්රණයේ පාඩුව සිදු වුයේ රටටයි’