IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


තිස්ස විතාරණ ආණ්ඩුව ගැන කියයි

(විනීතා එම් ගමගේ)

එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන ගමන ඉදිරි මහ මැතිවරණයෙන් අවසන්  වන බව දන්නා නිසා රජය පවත්වාගෙන යෑම සඳහා  හැම තැනකින්ම ආණ්ඩුව ණය ගන්නේ යැයි ලංකා සම සමාජ පක්ෂයේ  නායක මහාචාර්ය තිස්ස විතාරණ මහතා ප්‍රකාශ කළේය. 

ආණ්ඩුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලබා ගන්නට තැත් කළ ඩොලර් මිලියන 280 ක ණය මුදල ඔක්තෝබර් 26 වැනිදා මහින්ද රාජපක්ෂ මහතා අගමැති තනතුරට පත්වූ වහාම නවත්වා දැමූ නමුත් වත්මන් රජය යළිත් එය ලබාගැනීමට කටයුතු කර ඇතැයි ද විතාරණ මහතා පැවසීය.

සහශ්‍ර අරමුදලෙන් ඩොලර් මිලියන 400 ක් ද ජයිකා අරමුදලින් තවත් ණයක් ද ඉල්ලා ඇතැයි හෙළි වූ බව ද මහාචාර්යවරයා කීය.

අනාගත පරම්පරා ගණනාවක් ණය කරුවන් කරමින් රටට අවශ්‍ය මුදල් සොයන්නට මේ ආණ්ඩුව කටයුතු කරන්නේ ඔවුන් ඒවා ගෙවීමට බලයේ නොසිටින බව දන්නා නිසා යැයි ද හෙතෙම කියා සිටියේය. 

ඔක්තෝබර් 26 වැනිදා කුමන්ත්‍රණයක් සිදු වූයේ යැයි කියතත් කුමන්ත්‍රණය ආරම්භ වූයේ එදා නොව 2016 සිට යැයි පෙන්වා දුන් විතාරණ මහතා ඇමරිකාව ද ඊට එකතුවී සිටියේ යැයි ද කීය. 

නව ලිබරල්වාදී පාලනය අවසන් කරමින් අපේ කම රැකෙන දේශීය වැඩ පිළිවෙළකට යායුතු යැයි ද එවැනි වැඩ පිළිවෙලක් එජාපයෙන් බලාපොරොත්තු විය නොහැකි යැයි ද හෙතෙම කියා සිටියේය. 

මහාචාර්ය තිස්ස විතාරණ මහතා මේ අදහස් පළ කළේ බොරැල්ල ඇන් ඇම් පෙරේරා මධ්‍යස්ථානයේ අද (24) පැවති සමාජවාදී ජනතා පෙරමුණේ මාධ්‍ය හමුවක් අමතමිනි. 


එම මාධ්‍ය හමුව ඇමතූ සමාජවාදී ජනතා පෙරමුණේ ප්‍රධාන ලේකම් රාජා කොල්ලුරේ මහතා පැවැසූයේ ආණ්ඩුවේ සියලු යෝජනා ක්‍රම එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයන් වෙනුවෙන් පමණක් ක්‍රියාත්මක කරන බවය. බොහෝ එවැනි යෝජනාවන් තම  පාක්ෂිකයන්ට පමණක් බව ඔවුන් ප්‍රසිද්ධියේ කියා ඇතැයි ද හෙතෙම සඳහන් කළේය. 

ගම්පෙරළිය තම පාක්ෂිකයන් වෙනුවෙන් බව සඳහන් කර ඇතැයි ද රාජිත සේනාරත්න අමාත්‍යවරයා සෑම ඡන්ද කොට්ඨාසයකටම එජාප සාමාජිකයින්ට රැකියා දහසක් දෙන බව කියා ඇතැයි ද කොල්ලුරේ මහතා පැවැසීය. 

විශේෂයෙන්ම රජය සංවර්ධන කටයුතු නොකරන බව පවසා ඇතැයි පෙන්වා දුන් ඒ මහතා ජනතාවට ලැබෙන්නේ සංවර්ධනයේ ප්‍රතිඵල යැයි ද ආණ්ඩුව හදන්නේ සංවර්ධනය නොකර ආණ්ඩුවේ මුදලින් පාක්ෂිකයන්ට ප්‍රතිලාභ ලබාදී නිහඬවන්නට  යැයි ද සඳහන් කළේය. 

ප්‍රතිලාභ ලබාදීම සඳහා වන ලැයිස්තු යවන්නේ රාජ්‍ය ආයතනයක් වෙත නොව සිරිකොත වෙත වීම මේ පිළිබඳව ඇති හොඳම සාක්ෂි යැයි  කොල්ලුරේ මහතා පැවසීය.



අදහස් (0)

තිස්ස විතාරණ ආණ්ඩුව ගැන කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 224 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 386 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site