IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


‘‘තරුණ ප්‍රශ්න කුණු කූඩයට දමනවානම් එවන් ආණ්ඩු කුණු කූඩයට යවන්න පියවර ගන්නවා‘‘

(විජේරත්න රත්නායක )

පාලකයන් දිගින් දිගටම තමන්ව රවටමින් සිටින අතර රටකට ආණ්ඩුවක් අවශ්‍ය වන්නේ ජනතා ප්‍රශ්න ගැන කියවමින් සිටීමට නොව නිසි වැඩපිළිවෙලක් තුළින් ඒ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීම බව රැකියා විරහිත උපාධිධාරී සංගමයේ කැඳවුම්කරු පූජ්‍ය තැන්නේ ඥානානන්ද හිමියෝ පැවසූහ.

පාලකයන් හැමදාමත් තරුණ ප්‍රශ්න කුණු කූඩයට දමනවානම් එවන් ආණ්ඩු හා පාලකයින්ව කුණු කූඩයට යැවීමට තම සංගමය පෙරමුණ ගන්නා බවත් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.

උන්වහන්සේ මේ බව පැවසුවේ අද (05) සවස හාලිඇලදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.

එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ උන්වහන්සේ මෙසේද පැවසූහ.

    ‘‘මේ රටේ වසරකට තරුණ තරුණියන් දස දහසක් පමණ විශ්ව විද්‍යාලවලින් උපාධිය ලබා පිටවෙනවා. ඒත් මේ අය රැකියා සඳහා යොමු කිරීමේ ජාතික වැඩපිළිවෙලක් ජාතික ප්‍රතිපත්තියක් තාමත් සැකසී නෑ.

අද වන විට උපාධිධාරියාට රැකියාවක් ලබාදීම මැතිවරණ වේදිකාවේ සැරසිල්ලක් පමණයි. මේ වන විට උපාධිධාරීන් පණස් දහසකට වැඩි පිරිසක් රැකියා විරහිතව සිටිනවා. ඒත් පසුගිය කාලයේ ආරම්භ වූ සංවර්ධන නිලධාරී හා ව්‍යාපෘති නිලධාරී පත්වීම් ලබාදීමත් නවත්වා තිබෙනවා. ඒත් ආරම්භ කළ බඳවා ගැනීම් අඛණ්ඩව කරගෙන යාමට අමාත්‍යාංශ ලේකම්වරුන්ට හා ආණ්ඩුකාරවරුන්ට බලය තිබෙන බව මැතිවරණ කොමිසම පවා පැහැදිලිව කියනවා.

සංවර්ධන නිලධාරී පත්වීම් 3000 කි හා ව්‍යාපෘති නිලධාරී පත්වීම් 10000 ක් සඳහා මුදල් අනුමත වී තිබුණත් දුන්නේ ඉන් කොටසක් පමණයි. ඔවුන් කියන්නේ ජනාධිපතිවරණයෙන් පසුව ඉතිරි පත්වීම් ලබාදෙන බවයි.

මැතිවරණය අපට කිසිසේත් අදාළ දෙයක් නොවේ. අපි කියන්නේ දෙන්න පටන්ගත් පත්වීම්වල ඉතිරි ටික හෝ දෙන්න. ඒකට අමාත්‍යාංශ ලේකම්වරුන්ට බලය තිබෙනවා.

ඔවුන් මේ කරන්නේ නීතිවිරෝධී සදාචාර විරෝධී වැඩක්. අපට පත්වන ජනාධිපති කවුද කියන එක වැදගත් නෑ. ඔය කිසි කෙනෙකුට මේ උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ අවංක වුවමනාවක් නැති බව අපි දන්නවා.

අපි කියන්නේ සියළු උපාධිධාරීන්ට රැකියා ලැබෙන ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන්න. අපි මේ ගැන ජනාධිපති අගමැති ඇතුළු සියළු බලධාරීන්ට ලිපි සිය ගණනක් යැව්වා. අඩු තරමේ අපට පිළිතුරක්වත් සාකච්ඡාවක්වත් දුන්නේ නෑ. එහෙම කරන ගමන් ඒ අය ටීවී එකේ කියන්නේ අපි සාකච්ඡාවලට එන්නේ නෑ අපි ප්‍රචණ්ඩයි එන්නෙ හැප්පෙන්නයි කියලයි. මේ විදිහට සලකනකොට අපි ප්‍රචණ්ඩ වීම පුදුමයක්ද.

අපට මැතිවරණ නීති අදාළ නෑ. අපට අදාළ යුක්තියේ නීතිය විතරයි. මේ ආණ්ඩුව කිසිම ආණ්ඩුවක් නොකළ විදිහට චක්‍රෙල්ඛයකින්ම උපාධිධාරීන්ව බෙදුවා බාහිර අභ්‍යන්තර කියලා. දෘෂ්‍යාබාධිත, ශ්‍රවනාබාධිත හා විශේෂ අවශ්‍යතා සහිත උපාධිධාරීන්ට ලබාදුන් සියයට තුනේ රැකියා කෝටා එකත් මේ ආණ්ඩුව කැපුවා. එහෙමයි මේ පාලකයන් අපේ ප්‍රශ්නවලට විසඳුම් දෙන්නේ.

ඡන්ද වේදිකාවල පොරොන්දු අපට ඕන නෑ. සජිත්ගෙවත් ගෝඨාභයගෙවත් අගුපිල්වල ලගින්න අපි එන්නේ නෑ. ඔය කවුරු ආවත් අපට ඉතිරි වන්නේ පාරේ සටනක් පමණයි. 17 වැදාට පස්සෙත් අපේ ප්‍රශ්න අරගෙන අපි පාරට එනවා. අපට මේ ප්‍රශ්නෙට ප්‍රතිපත්තිමය විසඳුමක් ඕනෑ.

අකිල විරාජ් ඇමතිම කියනවා රට පුරා 40 000 ක් ගුරු පුරප්පාඩු තියෙනවාලු. මේ රටේ පාසල් දුවන්නේ ගුරුවරුන් 40000 ක් අඩුවයි.

ඒ අතරේ ගුරු විභාග සමතුන් 15 000 ක් පළාත් හතක රැකියා ඉල්ලමින් හඬනවා. පාරවල් ගානේ ගුටි කනවා. නින්දා අපහාස ලබනවා. අපි කියන්නේ ආණ්ඩුවක් අවශ්‍ය වන්නේ ජනතා ප්‍රශ්න කියව කියවා ඉන්න නොවේ.

නිසි වැඩපිළිවෙලක් හදා ඒ ප්‍රශ්නවලට විසඳුම් දෙන්නයි. ඒ විසඳුම ලැබෙන තුරු අපි අරගල කරනවා. ඉදිරියටත් අපි පළාත් නවයම එකතුව අලුත් අරගලයක් පටන් ගන්නවා. පාලකයන් හැමදාමත් තරුණ ප්‍රශ්න කුණු කූඩයට දානවානම් ඒ වගේ පාලකයන් හා ඒ වගේ ආණ්ඩු කුණු කූඩයට දාන්න අපි පෙරමුණ ගන්නවා.‘‘

 

 

 



අදහස් (0)

‘‘තරුණ ප්‍රශ්න කුණු කූඩයට දමනවානම් එවන් ආණ්ඩු කුණු කූඩයට යවන්න පියවර ගන්නවා‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 409 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16754 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site