නාලක සංජීව දහනායක
රටේ ප‍්‍රධාන තනතුරුවලට ප‍්‍රධානීන් පත්කිරීමේ තීරක බලය ෆෙඩරල්වාදී ඊළාම් කඳවුර තුළම තබාගැනීමේ කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මකව පවතින බව රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය අද (19) සඳහන් කළාය.
එබැවින් මහින්ද රාජපක්‍ෂ මහතා විපක්‍ෂනායක ධූරයෙන් ඉවත් කිරීම සඳහා රාජ්‍ය නොවන සංවිධාන හා බටහිර තානාපති කාර්යාල මැදිහත් වුණොත් ඒ ගැන පුදුම වීමට දෙයක් නැතැයි ඇය පැවසුවාය.
මන්ත‍්‍රීවරිය මෙසේද සඳහන් කළාය.
පසුගිය දින 50කට අධික කාලය තුළදී මෙරට සිදුවූ දේශපාලන වෙනස්වීම එක එක්කෙනා එක එක විදියට අර්ථක නිරූපනය කරනවා. කොහොම වුණත් තිරය පිටුපස නාඩගම් නැටූ සියලූම දෙනාට දැන් එළියේ නටන්න වෙලා. මේ වනවිට විපක්‍ෂනායකධූරය සඳහා මහින්ද රාජපක්‍ෂ මහතා පත්ව තිබෙනවා. ඔහුව එම තනතුරින් ඉවත් කිරීම සඳහා ඊළාම්වාදී, ෆෙඩරල්වාදී කඳවුර බොහොම වුවමනාවෙන්ම වැඩකරන බවක් පෙනෙන්න තිබෙනවා. ඔවුන්ට අවශ්‍ය මේ රටේ ප‍්‍රධාන තනතුරු පත්කිරීමේ තීරක බලය ඊළාම්වාදී ෆෙඩරල් කඳවුර තුළම තියාගන්නයි.
මේ ආණ්ඩුව බලයට ගේන්න කටයුතු කළ ටී.එන්.ඒ සංවිධානයි. ඒ සඳහා වූ පොරොන්දු ඉටුකරන්න රජයට සිදුවෙලා. කොහොමටත් එකම දේශපාලන කඳවුරකට අගමැති, විපක්‍ෂනායක හා කතානායක කියන තනතුරු සියල්ලම දෙන්න බැහැ. රටක විපක්‍ෂයක් කියන්නේ ඊළඟ බලය ලබාගන්න ප‍්‍රධාන දේශපාලන පක්‍ෂයටයි.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප‍්‍රදාන කාර්යාලයේ දී අද (19) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඇය මේ බව කීය.
ඡායාරූප - චතුර එස් කොඩිකාර

2025 දෙසැම්බර් මස 04
224
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
386
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘තීරක බලය ෆෙඩරල්වාදී කඳවුර තුළම තබාගැනීමේ කුමන්ත්රණයක්’