IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


‘‘තාක්ෂණයත් සමඟ දියුණුවන ලෝකය ජය ගන්න සෑම ක්ෂේත්‍රයක්ම එකට ඉදිරියට යා යුතුයි‘‘

 

(නිමල කොඩිතුවක්කු)

 

හතරවන කාර්මික  විප්ලවයෙන්  ලෝකයේ සෞඛ්‍ය පහසුකම් දියුණුවට පත් වන බැවින් ඒ සම්බන්ධයෙන් අවධානය යොමුකර රටේ ආර්ථික , සමාජීය සැලසුම් සකස් කළ යුතුව ඇතැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කොළඹ දී අද (24)  පැවැසීය.

තාක්ෂණයත් සමඟ දියුණුවන ලෝකය ජය ගැනීම සඳහා සෑම ක්ෂේත‍්‍රයක්ම එකසේ ඉදිරියට යා යුතු බවද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සඳහන් කළේය.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ කොළඹ කිංස්බෙරි හෝටලයේ පැවැති හතරවන කාර්මික  විප්ලවය සහ සෞඛ්‍ය ආරක්ෂණය පිළිබඳ සම්මන්ත‍්‍රණයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිණි.

එහිදී අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා,

      ‘‘හතරවන කාර්මික  විප්ලවය පිලිබඳ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට සම්බන්ධ පිරිස් කතා කිරීම ඉතා විරල තත්ත්වයක් වනවා. එහෙම තිබියදී මෙවැනි මාතෘකාවක් තෝරාගැනීම කාලෝචිතයි.

ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රය පිළිබඳ කතා කිරීමේදී අපේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රය ඉතා සීඝ‍්‍රයෙන් දියුණු වෙමින් පවතිනවා. ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ දියුණුව සඳහා වත්මන් රජය ගෙන ඇති පියවර කාටවත් සම කරන්න බැහැ.

සෞඛ්‍ය ක්ෂේත‍්‍රය තව දියුණු කිරීම සඳහා නවීන තාක්ෂණික උපක‍්‍රම යොදාගත යුතුයි. ඒ සඳහා යන වියදම  සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් විමසීමක් කළා. මුලින් එම වියදම අධිකව පැවතුනත් පසුව එම මිල අඩුවිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

හතරවන කාර්මික  විප්ලවයත් සමඟ පවතින තත්ත්වයන් වෙනස් විය හැකියි. තුන්වන කාර්මික විප්ලවයේදී එය සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට බලපාන අන්දම සම්බන්ධයෙන් සාකච්ඡාවට බදුන් වුණා.

ආසියානු කලාපයේ රටවල් හතරවන කාර්මික  විප්ලවයට මුහුණ දෙන්න  සූදානමින් සිටිනවා. එහි සම්පූර්ණ ප‍්‍රයෝජන ලබා ගැනීමට එම රටවල් අපේක්ෂාවෙන් පසුවනවා.

අද රෝහලකට ගිහින් නේවාසික ප‍්‍රතිකාර ගන්න අවශ්‍ය නැති තත්ත්වයක් උද්ගත වෙමින් පවතිනවා. වෛද්‍යවරයා මුණ ගැහෙන්න පවා අවශ්‍ය නොවන තත්ත්වයක් මේ නවීන තාක්ෂණයත් එක්ක ඇතිවෙමින් තිබෙනවා. වෛද්‍යවරයා මුණ නොගැසි තාක්ෂණය උපකාරි කරගනිමින් අවශ්‍ය උපදෙස් ප‍්‍රතිකාර ලබා ගැනීමේ හැකියාව අද තියෙනවා.

පළවෙනි ලෝක යුද්ධය අවසන් වීමත් සමඟ උණ රෝගයක් හේතුවෙන් මිලියනයක් පමණ  මියගියා.  ලංකාව ගත්තම අපි සෞඛ්‍ය අංශය දියුණු කරගෙන තියෙනවා. ඒක අපි  තවදුරටත් රඳාපවත්වා ගත යුතුයි.  නවීන තාක්ෂණය යොදා ගනිමින් එය තවත් දියුණු කළ යුතුයි.

ළමයින්ට පාසල් අධ්‍යාපනයත් සමඟ නවීන තාක්ෂණය කෙරෙහි අධ්‍යාපනයක් ලබා දිය යුතුයි. ඔවුන් නව තාක්ෂණය කෙරෙහි නැඹුරු කළ යුතුයි.

ජාතික ඩිජිටල් ප‍්‍රතිපත්තියක් දැන් සකස් කරමින් යනවා. එය පාර්ලිමේන්තුවට දාලා සම්මත කර ගැනීමට ඉදිරියේදී කටයුතු කරනවා.

දැන් සමාජය නිරන්තරයෙන්ම වෙනස් වෙනවා.  ඉස්සර 55න්  60න් සමහරු විශ‍්‍රාම යනවා. දැන් සමහරු  කැමතියි 70 ව 80 ව වෙනකම් වුනත් වැඩ කරන්න.  සමහරු අසූව අනුව වෙනකම් ජීවත් වෙන්න උත්සාහ කරනවා. සෞඛ්‍ය දියුණුවත් එක්ක ඒ සඳහා අවස්ථාව උදා වෙලා තියෙනවා.

සෞඛ්‍ය දියුණුවත් එක්ක  ආයු කාලය වැඩි වෙන්න වැඩි වෙන්න ඒ අය බලාගන්නේ කොහොමද ඒ සඳහා වැඩපිළිවළක් සකස් කරන්නේ කොහොමද ඒ සඳහා අවශ්‍ය මුදල් සපය ගන්නේ කොහොමද කියලා රටකට බලන්න සිද්ධ වෙනවා.

ඒ අනුව ආයුකාලය වැඩිවීමට සරිලන ලෙස විශ‍්‍රාම වැටුප්, වැඩිහිටි දීමනා පිලිබඳවත් අවධානය යොමුකළ යතුයි’’ යනුවෙන්ද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා එහිදී පැවැසීය.

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි



අදහස් (6)

‘‘තාක්ෂණයත් සමඟ දියුණුවන ලෝකය ජය ගන්න සෑම ක්ෂේත්‍රයක්ම එකට ඉදිරියට යා යුතුයි‘‘

bandara Wednesday, 24 October 2018 08:19 PM

"හොරකම ඒ අතරින් මූලික විය යුතුයි."

:       0       2

hasantha Thursday, 25 October 2018 12:59 AM

"අසාර්ථක නායකයන් හදුනාගත හැක්කේ ඔවුන්ට බලය දීමෙන් පමණකි"

:       0       3

කර්තිනි Thursday, 25 October 2018 01:25 AM

රට වැසියන්ට වයස 80 වෙනකම් වැඩ කරන්න පුලුවන්නම් අපේ මහා රජාට බැරි මොකද ?

:       38       0

කල්ප Thursday, 25 October 2018 01:57 AM

මැති තුමණි ඔබතුමාගේ අදහස් ඉතාම නිවැරදියි. නමුත් මේ රටේ ඉන්නේ රටට වඩා පක්ෂයත් පවුලත් ගැන පමණක් සිතන සෑම දෙයක්ම රජයෙන් ලබාගෙන අතපය නොවෙහෙසවා වැඩක්පලක් නොකර කකා බිබී සිටීමට කැමති ජනතාවක්.දේශපාලකයන් ගත්තත් පැයකට දෙකකට වාඩිවෙන්න ලක්ෂ ගණන් පුටු අවශ්‍ය පිරිසක්. මේ කාටවත් තාක්ෂණයත් සමඟ ඉදිරියට යන්නවත් ලොව ජය ගන්නවත් අවශ්‍ය නැහැ.

:       121       1

Bamunuarachchi Thursday, 25 October 2018 01:59 AM

ෂාහ් අපි ඕක දන්නේ අදනේ. මම පස්දුන් කෝරලේ කෙනෙක්. අපිට මල් පාත්තියකට දා ගන්න පස් ටිකක් හොයන්න අමාරුයි................

:       0       22

UNP 10% Thursday, 25 October 2018 05:56 AM

එක ඩීල් එකකින් ඩොලර් මිලියන 30ක් විතර කොමිසන් එකක් එක්ක !

:       0       47

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1163 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1169 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 433 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site