IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


‘‘ජලය නිසා යුද්ධයක් පවා ඇතිවිය හැකියි‘‘

(හර්ෂණ තුෂාර සිල්වා)

ඉදිරියේදී ජලය නිසා යුද්ධ පවා ඇතිවීමේ අවදානමක් ඇතැයි ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ ජල සම්මේලනයේ සභාපති ඉංජිනේරු ආචාර්ය කමල් ලක්සිරි මහතා අද (21) පැවැසීය. 

ජලය වර්තමාන ලෝකයේ වඩාත් වටිනාම ස්වභාවික සම්පත බවට පත්ව ඇතැයි ද හෙතෙම කීය.

ලෝක ජලය දිනයට සමාගමීව ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ ජල සම්මේලනය ‘කිසිවකු මඟ නොහැර’ යන තේමාව යටතේ සංවිධානය කර තිබූ සමුළුවක් අමතමින් ඔහු එම කරුණු සඳහන් කළේය.

ජල මූලාශ්‍ර තිරසර ලෙස කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු යැයි මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සභාපති ඉංජිනේරු මහාචාර්ය ටී.එම්. පල්ලෙවත්ත මහතා කීවේය.

ඉංජිනේරු ලලිත් ද අල්විස්, ඉංජිනේරු ඩී. ඩබ්ලිව්. සී. දයාරත්න, ඉංජිනේරු ආචාර්ය ආර්. එම්. එස්. කේ. රත්නායක, ආචාර්ය ජී. ඒ. එස්. ගිනිගද්දර, ඉංජිනේරු එස්. ඒ. රෂීඞ් යන මහත්වරු ද මෙහිදි අදහස් දැක්වූහ. 

(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)

 



අදහස් (1)

‘‘ජලය නිසා යුද්ධයක් පවා ඇතිවිය හැකියි‘‘

Bamunuarachchi Saturday, 20 April 2019 04:17 PM

රටේ බොහෝ ප්‍රශ්න වලට විසඳුම පවුලක දරුවන් දෙදෙනෙකුට සීමා වීමයි. අධ්‍යාපන, ඉඩම්, රැකීරක්ෂා, ස්වාභාවික සම්පත් භුක්ති විඳීම, මේ සියල්ලටම හොඳම පිළිතුර පවුල ළමයි දෙදෙනෙකට සීමාවීමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 414 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16776 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site