IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


ජයග්‍රහණ සැමරුම්වලදී ගැටුම්වලට වැඩි බරක්

(බිඟුන් මේනක ගමගේ) 


පශ්චාත් මැතිවරණ සමයේදී සතියක් ඇතුළත සිදුවීම් 45 ක් වාර්තා වී ඇතැයි ද එයින් වැඩිපුරම ගැටුම් හටගෙන ඇත්තේ ජයග්‍රහණය සැමරීම සඳහා සංවිධානය කළ සැමරුම් පෙළපාළිවලදී යැයි ද මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන් වේ.

ජයග්‍රහණය සැමරීම සඳහා සංවිධානය කෙරෙන පෙළපාළිවලදී ඇතැම් ආධාරකරුවන් සංවිධායකයන්ගේ පාලනයෙන් ද මැතිවරණ නීති රාමුවෙන් ද බැහැර වී කටයුතු කිරීමෙන් මෙම තත්ත්වය නිර්මාණය වී ඇතැයි ද එම වාර්තාවේ සඳහන් වේ. 

එම සිදුවීම්වලින් 35 ක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන්ට ද සිදුවීම් 4 ක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ආධාරකරුවන්ට ද එරෙහිව වාර්තා වී ඇත. 

ශ්‍රී ලංකා පොලිසිය යහපත් මැතිවරණ සංස්කෘතියක් වෙනුවෙන් පූර්ව මැතිවරණ සමයේ ක්‍රියාකාරීව මැදිහත් වූ නමුත් පශ්චාත් මැතිවරණ සමයේදී එවැනි උත්සාහ නොගන්නා අවස්ථා වාර්තා වී ඇතැයි ද මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථාන වාර්තාවේ සඳහන් වේ. 

එම වාර්තාවට අනුව බස්නාහිර පළාතේ බණ්ඩාරගම, අගලවත්ත, මතුගම, මීගමුව, කටාන, දිවුලපිටිය යන මැතිවරණ කොට්ඨාසවලින් ද වයඹ පළාතේ  වාරියපොළ, කුලියාපිටිය, නිකවැරටිය, බිංගිරිය, වෙන්නප්පුව, පුත්තලම යන මැතිවරණ කොට්ඨාසවලින් ද උතුරු පළාතේ සෙට්ටිකුලම හා උතුරුමැද පළාතේ මැදිරිගිරිය යන මැතිවරණ කොට්ඨාසවලින් ද සිදුවීම් වාර්තා වී ඇත.

ඌව පළාතේ වැල්ලවාය, බණ්ඩාරවෙල, වැලිමඩ, මහියංගනය මැතිවරණ කොට්ඨාසවලින් ද මධ්‍යම පළාතේ රත්තොට, දඹුල්ල, තෙල්දෙණිය මැතිවරණ කොට්ඨාසවලින් ද සබරගමුව පළාතේ ගලිගමුව, යටියන්තොට, හා අරණායක මැතිවරණ කොට්ඨාසවලින් ද වාර්තා වී ඇත.  

මෙම ජනාධිපතිවරණයට සාපේක්ෂව 2015 ජනාධිපතිවරණයේදී මෙම කාලයේදී සිදුවීම් 51 ක් වාර්තා වී යැයි ද ඊට බරපතල සිද්ධි 32 ක් හා සුළු සිද්ධි 19 ක් ඇතුළත් වී යැයි ද මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.



අදහස් (0)

ජයග්‍රහණ සැමරුම්වලදී ගැටුම්වලට වැඩි බරක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 308 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2128 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1617 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site