විනීතා එම් ගමගේ
ශ්‍යාමෝපාලි මහා නිකාය, ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය, සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකාය යන ත්‍රෛනිකායික මහා සංඝරත්නය නියෝජනය කරමින් දහසකට අධික ස්වාමින් වහන්සේලා සහභාගී වූ ජාතික මහා සඟ සමුළුව කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී අද (30) පස්වරුවේ පැවැත්විණි.
ජනතා පරමාධිපත්‍යය සඳහා වන සංඝානුසාශනාව මැයෙන් වූ එම සඟ සමුළුවට මහා සංඝරත්නය වැඩම කරන ලද්දේ මහවැලි කේන්ද්‍රයේ සිට පාගමනකිනි.
එහි දී ශ්‍යාමෝපාලි මහ නිකායේ අස්ගිරි පාර්ශවය නියෝජනය කරමින් එහි මහා ලේඛකාධිකාරි ආචාර්ය මැදගම ධම්මානන්ද නාහිමියන් ද, මල්වතු පාර්ශවය නියෝජනය කරමින්, වයඹ පළාතේ ප‍්‍රධාන අධිකරණ සංඝනායක රැකව ජිනරතන නාහිමියන් ද, ශ්‍රී ලංකා අමරපුර මහ නිකාය නියෝජනය කරමින් ගන්තුනේ අස්සජි අමරපුර මහ නිකායේ සභාපති හා අමරපුර චූලගන්ධි නිකායේ මහ නායක හිමියන් ද, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකාය නියෝජනය කරමින් මහාචාර්ය වරාගොඩ පේ‍්‍රමරතන අනුනාහිමියන් ද ඇතුළුව මහා සංඝ රත්නය මෙම සමුළුන්‍ට සහභාගී වූහ.
එහි දී මහා සංඝ රත්නයේ අධිෂ්ඨාන ප‍්‍රකාශනය පැපිලියාන සුනේත‍්‍රාදේවී විද්‍යායතන පිරිවෙනේ නියෝජ්‍ය පරිවේණාධිපති ගොම්බද්දල දමිත හිමියන් විසින් කියවූ අතර රැස්ව සිටි මහා සංඝරත්නය ඊට අනුගත වූහ.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ජාතික සඟ සමුළුව නෙළුම් පොකුණ රඟහලේ