(නිමල කොඩිතුවක්කු )
ඒකාබද්ධ විපක්ෂයේ මහනුවර මන්ත‍්‍රීවරුන් ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂා කරගනිමින් කුමාර වෙල්ගම මහතාට මඩ ගැසුවේ මහින්ද රාජපක්ෂ මහතාගේ තවත් කොන්ත‍්‍රාත්තුවක් ඉටුකිරීමට යැයි රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා කොළඹදී අද (16) පැවසීය.
ඉදිරි ජනාධිපතිවරණය සඳහා රාජපක්ෂවරුන් තිදෙනෙකුගේ නම් යෝජනා වීමෙන් මහින්ද රාජපක්ෂ මහතා බෙල්ල මුලටම හිරවී ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මාර්ග අනතුරු සම්බන්ධයෙන් ද අදහස් දැක්වීය.
මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා වැඩිදුරටත් මෙසේද කීවේය.
‘‘ මහින්ද රාජපක්ෂ මහතා වේදිකාවේ තියාගෙන මහින්දානන්ද අලූත්ගමගේ, ලොහාන් රත්වත්තේ, දිලූම් අමුණුගම යන මහත්වරුන් එක්ව කුමාර වෙල්ගම මහතාට එරෙහිව විශාල චෝදනාවක් එල්ල කලා. මේ වචන පිටවුණේ මේ තුන්දෙනාගේ කටින් වුණත් ප‍්‍රධාන වේදිකාවේ හිටපු මහින්ද රාජපක්ෂ මහතා තමයි මේකේ ස්වීච් එක එබුවේ කියලා තමයි අපි විශ්වාස කරන්නේ.
වෙල්ගම මහතා දිගින් දිගටම ගෝඨාභයට, බැසිල්ට එතුමන්ගේ විරෝධය පල කළා. එනපොට හොද නැහැ කියලා තේරුම් ගත්ත මහින්ද රාජපක්ෂ මහතා ස්විච් එක ඔබලා කිවුවා අද ගහපල්ලා වෙල්ගමට කියලා.

( ඡායාරූප - ළහිරු හර්ෂණ)
2025 දෙසැම්බර් මස 04
217
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
386
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘ගෝඨා රැකගෙන වෙල්ගමට මඩ ගැසුවේ මහින්දගේ කොන්ත්‍රාත්තුවක් ඉටුකරන්නැයි’