(නිමල කොඩිතුවක්කු)
උතුරු පළාතේ ඇතිවි තිබෙන ගං වතුර හේතුවෙන් විපතට පත් ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම සදහා රුපියල් කෝටි පහක මුදලක් මේ වනවිට වෙන් කර ඇතැයි අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා සහ පලාත් පාළන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවැසීය.
අනෙකුත් අවශ්‍යතා සදහා අවශ්‍ය ප‍්‍රමානය මත මුදල් ප‍්‍රතිපාදන වෙන් කිරිමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා සදහන් කළේය.
කොළඹ මල් පාරේ පිහිටි අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ අද (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසිය.
ගං වතුර හේතුවෙන් විපතට පත් ජනතාව මේ වනවිට කඳවුරු 27ක් තුළ රඳවා සිටින බවත් ආරක්ෂක අංශද සම්බන්ද කරගනිමින් ඔවුනටට අවශ්‍ය පහසුකම් සලසන බවත් අමාත්‍යවරයා කීය.
ගංවතුර හේතුවෙන් හානියට පත් පාසල්, මහාමාර්ග, නිවාස ආදී සියලූම දේ ඉදිරි සති කිහිපය තුළ යථා තත්වයට පත් කරන බවද කී අමාත්‍යවරයා පාසල් පොත් ඇතුලූ උපකරන ලබා දීමට කැමති අය වෙතොත් ඒවා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල වලට භාර දෙන ලෙසටද මහජනතාවගෙන් ඉල්ලිමක් කළේය
2025 දෙසැම්බර් මස 04
224
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
386
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගං වතුරෙන් අවතැන් වුවන්ට සහන සලසන්න කෝටි 5ක්