නාලක සංජීව දහනායක
මානව හිමිකම් කඩකළ බවට චෝදනා එල්ල වී සිටින කර්නල් කලන අමුණුපුර මහතා නිසි පරීක්‍ෂණයකින් තොරව නැවත මෙරටට ගෙන්වා ගැනීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරයි.
කර්නල් කලන අමුණුපුර මහතාට එරෙහිව එල්ලවන චෝදනා සම්බන්ධයෙන් නිසි පරීක්‍ෂණයක් නොපවත්වා කඩිමුඩියේම ඔහු මෙරටට ගෙන්වා ගැනීමෙන් ශ්‍රී ලංකා යුද හමුදාවට දීර්ඝ කාලීනව බලපෑම් එල්ල වන බවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අද (22) පැවසීය.
කර්නල් කලන අමුණුපුර මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ 58 වැනි සේනාංකය නියෝජනය කළ බවත් මානුෂීය මෙහෙයුමේ අවසන් සමයේදී පුදුමාතලන් හා පුදුකුඩිඉරිප්පු ප‍්‍රදේශවල පිහිටි රෝහල් මතට බෝම්බ හෙළා රෝගීන් ඝාතනය කළ බවට එම සේනාංකයට එරෙහිව යස්මින් සූකා ඇතුළු මානව හිමිකම් සම්බන්ධයෙන් හඬ නඟන්නන් චෝදනා කළ බවත් ඔහු කීය.
එම චෝදනා සියල්ලම අසත්‍ය වුවත් චෝදනා සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණය සඳහා ඉකුත් රජය දරුස්මාන් කමිටුව පත්කළ බවත් යස්මින් සූකා නැමැත්තිය එම කමිටුවේද සාමාජිකාවක ලෙස කටයුතු කළ බවද මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
බත්තරමුල්ල, නෙළුම්මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී අද (22) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
‘කර්නල් අමුණුපුර ගැන පරීක්ෂණයක් නැතිව මෙරටට ගෙන්වීම සෑහීමකට පත්වන්න බෑ’