IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


’කැබිනට් මණ්ඩලය අකර්මණ්‍ය වෙලා’ - වාසු කියයි

(නිමල කොඩිතුවක්කු)
 
අධිකරණ නියෝගයට අනුව දහතුන් ලක්ෂයක් පමණ වන රජයේ සේවකයන්, විශ‍්‍රාමිකයන්ගේ වැටුප් ලබාදීම සඳහා ගත යුතු පියවර ගන්නට නොහැකි වන පරිදි කැබිනට් මණ්ඩලය අකර්මණ්‍ය වී ඇති බවත් මෙය රජයේ සේවාවන් පවත්වාගෙන යන්නට හානිදායක  ලෙස බලපා හැකි බවත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා කොළඹ දී පැවසීය.

රට තුළ  මතුවන අරාජික සභාවය පිළිබඳ  මේ තත්වය ඇතිකළ එක්සත් ජාතික  පක්ෂයේ නියෝජිතයන්ටත්, ඒ අනුව  තීන්දු  දිපු අධිකරණයටත් වගකීම් බාර ගැනීමට සිදුවනු ඇතැයි ද නානායක්කාර මහතා සඳහන් කළේය.

සමාජවාදී ජනතා පෙරමුණ බොරැල්ල ඇන්. ඇම්  පෙරේරා  කේන්ද්‍රයේ අද (10) පැවැත්වූ  මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ ප‍්‍රධාන ලේකම් වාසුදේව නානායක්කාර මහතා මෙසේද කීය.

 ‘‘ඇමරිකානු නාවික හමුදාව සැපයුම් සහ මෙහෙයුම්  ඒකකයක් ලංකාවේ පිහිටුවා ගැනීමට  කටයුතු කර තිබෙනවාය කියලා මාධ්‍ය මගින් වාර්තා කරලා තිබුණා. මේ විදියට විදේශීය හමුදා බලයකට  රට පාවාදෙන අගමැතිවරයකුට  මෙච්චර කල් ඉන්න දීපු එකම තමයි අපෙන් වෙච්ච වරද. රනිල් වික‍්‍රමසිංහ මහතා ඉවත් කිරීමට මේ වෙලා තිබුණු විනාශයත් එක්ක පෙබරවාරි 10 වැනි දා ලැබුණු ප‍්‍රතිඵලත් ජනාධිපතිවරයාට විශාල ධෛර්යක්  ලැබුණා.

රනිල් වික‍්‍රමසිංහ මහතා විදේශීය සමාගම්  වලට අපේ සම්පත්  පාවා දෙනවා විතරක් නෙමෙයි. මේ රටේ ස්වෛරීභාවය, අපේ ආරක්ෂාවත් අහිමි වන ආකාරයට කටයුතු කරමින් යනවා. මේ ගැන අපි විශාල ජනමතයක් ගොඩනැගිය යුතුයි.

රනිල් වික‍්‍රමසිංහ  දැන් දෙමළ, මුසුල්ම් මන්ත‍්‍රීවරුන්ගේ සහ ජනතා විමුක්ති පෙරමුණේ සහය ඇතිව තමන්ගේ ආවරණය හදාගෙන ඉන්නවා.  ජනාධිපතිවරයා රනිල් වික‍්‍රමසිංහ  මහතා ඉවත් කරලා පාර්ලිමේන්තුව විසුරුවා හැරියා.  එතුමා ගත්ත මේ  තීරණය ජනයා අනුමත කරනවද  නැද්ද කියලා බලන්න ජනමතයකට ප‍්‍රකාශ විමට ඉඩදෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා.



අදහස් (0)

’කැබිනට් මණ්ඩලය අකර්මණ්‍ය වෙලා’ - වාසු කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 427 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16829 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 652 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site