(නිමල කොඩිතුවක්කු)
ඩීසල් සහ පෙට්‍රල් වාහන වලින් ජනවාරි 1 වැනි දා සිට බලපැවැත්වෙන පරිදි කාබන් බද්දක් අයකිරීමට රජය ගෙන ඇති තීරණයට දැඩි විරෝධය පල කරන බව සමස්ත ලංකා යතුරු පැදිකරුවන්ගේ සංගමය පවසයි.
මෙම කාබන් බද්ද අය කිරීම පිළිබඳව ශ‍්‍රී ලංකාවේ වාහන ප්‍රමාණය 58% හා මිලියන 4.2 ක වූ යතුරුපැදිකරුවන්ට දැඩි අසාධාරණයක් වන බවද එම සංගමයේ සභාපති චිරන්ත අමරසිංහ මහතා සඳහන් කරයි.
අන්ත දූෂිත හා ප‍්‍රායෝගික නොවන අමුලික බොරුවක් වන දුම් සහතිකය ඉවත් කර ගන්නවා වෙනුවට මෙවැනි බදු අය කිරීම සම්බන්ධයෙන් තම සංගමය දැඩි විරෝධය පල කරන බවද ඔහු පවසයි.
දවසේ එදාවේල ගැට ගසා ගන්නා යතුරුපැදිකරුවන් හා ත‍්‍රීරෝද රථ වැනි අනෙකුත් වාහන සඳහා මෙලෙස අධික බදු ප‍්‍රකාශයට පත් කිරීම පදනම් විරහිත හා සදාචාර විරෝධී ප‍්‍රතිපත්ති තීරණයක් බවත් අමරසිංහ මහතා පෙන්වා දෙයි.
මෙම අධික බද්ද හේතුවෙන් සාමාන්‍ය සි.සි. 150 ක යතුරුපැදි හිමිකරුවෙකුට වසරක් සඳහා රු. 225 කට අධික කාබන් බද්දක් ගෙවීමට සිදු වනු ඇත.
මෙම අසාධාරණ බදු අයකිරිම වහාම ක‍්‍රියාත්මක වන පරිදි හකුලා නොගතහොත් ඉදිරියේ දි දැඩි විරෝධතාවයක් ක‍්‍රියාත්මක කරන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
2025 දෙසැම්බර් මස 04
224
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
386
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කාබන් බද්දට එරෙහිව යතුරුපැදි සංගමයෙන් විරෝධය