නාලක සංජීව දහනායක
කතානායකවරයා ක‍්‍රියාකරන ආකාරය අනුව තවදුරටත් පාර්ලිමේන්තුව පවත්වාගෙන යා නොහැකි යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අද (19) පැවසීය.
එබැවින් අනිත් සියලූම වැඩ කිරීමට පෙර කතානායකවරයාට එරෙහිව ඉතාමත් ඉක්මණින් විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ යුතු යැයි ද ඔහු කීය.
එහිදී මහාචාර්ය ජී.එල් පීරිස් මහතා මෙසේ ද පැවසීය.
රටේ දේශපාලන ස්ථාවරත්වයට හා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට වැඩියෙන්ම තර්ජන එල්ලවන්නේ කතානායකවරයාගෙනුයි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්තාවේ 37 වැනි වගන්තිය අනුව ජනාධිපති තනතුර උදුරා ගන්න කතානායකවරයාට හැකියාව තිබෙන බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී වජිර අබේවර්ධන මහතා පවසා තිබෙනවා.
ව්‍යවස්ථාවේ 37 වැනි වගන්තිය අනුව කතානායකවරයාට එහෙම බලයක් ලැබී නැහැ. මේ අනුව ජනාධිපතිවරයාගේ බලතල බලහත්කාරයෙන් පාවිච්චි කිරීමට කතානායක ඉදිරිපත්ව සිටීමෙන් ඔහුගේ අරමුණ කුමක්දැයි අපිට පැහැදිලියි.
බත්තරමුල්ල, නෙළුම්මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී අද (19) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
‘කතානායකගේ ක්‍රියාකලාපය නිසා මැතිසබේ පවත්වාගෙන යා නොහැකියි’