IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


‘එජාපයට ඉදිරියේ දී දෙමළ සන්ධානයේ පදයට නැටීමට සිදුවෙනවා’

(නිමල කොඩිතුවක්කු)       
 
රට ගොඩනැගීම කෙසේ වෙතත් රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයට ඉදිරියේ දී දෙමළ ජාතික සන්ධානයේ පදයට නැටීමට සිදුවනු ඇති බව පැවිදිහඬ  සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ කොළඹදී අද (13) පැවැසූහ.

රටට වින කටින සියලූ පිරිස් පලවා හැරීමට මහා සංඝරත්නය ප‍්‍රමුඛ සියලූ දෙනා පෙරට ආ යුතු බවද උන්වහන්සේ සඳහන් කළහ.

පැවිදිහඬ  සංවිධානය නාරාහේන්පිට අභයාරාමයේ දී පැවැත්වූ ප‍්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව  පැවැසූහ.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ මෙසේ ද කීහ.

 ‘‘අද රටේ ස්ථාවර තත්වයට සිංහලයාගේ බෙදීම බළපාලා තියෙනවා. දැන් රනිල් වික‍්‍රමසිංහ මහත්තයා දෙමළ ජාතික සන්ධානයේ සහාය අරන් පාර්ලිමේන්තුවේ 117ක බලය පෙන්වලා තියෙනවා. 

මේ අය මුළු පාර්ලිමේන්තුවේම බලය ලබා ගත්තත් සිද්ධ වෙන්නේ රට විනාශ කිරීමයි. දැන් රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයට දෙමළ ජාතික සන්ධානය ගහන ගහන පදයට නටන්න වෙනවා.

එදා ප‍්‍රභාකරන් තුවක්කුවෙන් කරපු දේ තමයි අද රනිල් වික‍්‍රමසිංහ මහතා දෙමළ ජාතික සන්ධානය හා එක්ව පෑනෙන් කරන්නේ. මේ දෙකෙන්ම වෙන්නේ රට විනාශ වීමයි. මේ අය පහුගිය කාලයේ සිද්ධ කරපු දේවල් පවා රටේ විනාශයට බලපෑවා.
මේ රටේ තිස් අවුරුදු යුද්ධයක් තිබුණා. ඒ යුද්ධය  සමතයකට පත් කරලා සියලූම රට  වැසියන්ට නිදහසේ ජීවත්වීමට අවස්ථාව දුන්නේ මහින්ද රාජපක්ෂ මහතායි.

නිදහසේ ජිවත්වූ අපි යම් යම් පිරිස්වල බොරු මත ප‍්‍රකාශයන් වලට ඇහුම්කන් දෙමින්  රටේ වෙනසක් කරන්න  ඕනෑ කියන බලාපොරොත්තුව කොටසකට  තිබුණා. ඒ වෙනසේ ප‍්‍රතිඵල දැන් රටේ සියලූ දෙනා හොදින් භුක්ති  විදිමින් සිටිනවා.

රට මෙවැනි අරාජික තත්වයකට පත්වූ හැම අවස්ථාවකදීම මේ රටේ මහා සඟරුවන  ඉදිරිපත් වෙලා රට වෙනුවෙන් කටයුතු කරනවා. අද මේ රට පත් වෙලා තියෙන අවාසනාවන්ත තත්වය  කොච්චරද කියන එක අද හැමදෙනාටම පෙනී යනවා."

මෙම අවස්ථාව සඳහා ඇමෙරිකාවේ ප‍්‍රධාන සංඝනායක ආචාර්ය වල්පොල පියනන්ද හිමියෝ, කොළඹ ආනන්ද විද්‍යාලයේ හිටපු නියෝජය විදුහල්පති වේපතඉර හේමාලෝක හිමියෝ, දේශ විමුක්ති ජනතා පෙරමුණේ උප සභාපති ගලගම ධම්මරංසි හිමියෝ ඇතුළු පිරිසක් එක්වූහ.
 



අදහස් (0)

‘එජාපයට ඉදිරියේ දී දෙමළ සන්ධානයේ පදයට නැටීමට සිදුවෙනවා’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 224 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 386 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site