(නිමල කොඩිතුවක්කු)
එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා බව සංචාරක සංවර්ධන, වනජීවී හා ක‍්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා කොළඹදී පැවැසීය.
වෙනත් පක්ෂ වලින් අපේක්ෂකයන් වැඩි වන තරමට එක්සත් ජාතික පක්ෂයට වාසිදායක බවත් සඳහන් කළ අමරතුංග මහතා කිසිදු අභියෝගකින් තොරව ජනාධිපතිවරණය ජය ගැනීමේ අවස්ථාව තම පක්ෂය සතු බවද සඳහන් කළේය.
ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකරණ ආයතනයේ අද (14) පැවැති උත්සවයකින් පසුව මාධ්‍යවේදීන් හමුවේ ප‍්‍රකාශයක් සිදුකරමින් ඔහු මේ බව පැවසීය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා මෙසේ ද කීවේය.
‘‘නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් විවිධ අදහස් මතු වෙනවා. කොයි විදියේ කෙටුම්පතක් ද ඉදිරිපත් වී යුත්තේ කියලා දේශපාලන පක්ෂ අධ්‍යයනය කරලා යෝජනා කරලා තමයි තීරණය කරන්නේ.
පොලිස් බලතල ඉඩම් බලතල ගැන කථා වෙනවා. ඒ මොනවා කියලා තිබුණත් සියලූම දේශපාලන පක්ෂවල එකඟත්වයකින් තමයි තීරණය වන්නේ මොන විදියේ ව්‍යවස්ථාවක්ද ඉදිරිපත් විය යුත්තේ කියලා.
ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයේ යෝජනාත් ඉදිරියේදී ඉදිරිපත් කිරීමට නියමිතය. කෘත්‍යාධිකාරී මන්ඩළය මේ ගැන තීරණයක් ගැනීමට නියමිතයි. අනිකුත් දේශපාලන පක්ෂ සිය අදහස් ලබාදෙන අතරවාරයේදි මේ යෝජනාවල් අධ්‍යයනය කිරීමට අපේ පක්ෂයත් කණ්ඩායමක් පත් කරනවා. එහි නිර්දේශ අනුව අනුව අපි කටයුතු කරනවා.
ඡායාරූප - චතුර එස් කොඩිකාර


2025 දෙසැම්බර් මස 04
224
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
386
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
එජාපයේ ජනපති අපේක්ෂකයා අගමැති බව ජොන් කියයි