IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


‘එජාපෙ තාවකාලිකව ලබන ජය මැතිවරණයේ දී ආපසු හරවනවා’

(නිමල කොඩිතුවක්කු)       
  
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් එක්සත් ජාතික පෙරමුණ තාවකාලිකව ලබන ජයග‍්‍රහණය ඉදිරි මහ  මැතිවරණයේ දී ආපසු හරවන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කංචන විජේසේකර මහතා කොළඹදී  අද (14) පැවසීය.

මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායමේ අරගලය ඇත්තේ තනතුරු වරප‍්‍රසාද සමඟ නොවන බැවින් විපක්ෂයේ භූමිකාව වුවද ගැටලූවකින් තොරව කරගෙන යා හැකි බවද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

බත්තරමුල්ල නෙලූම් මාවතේ  පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ  පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කංචන විජේසේකර මහතා මෙසේද කීවේය.

   ‘‘අධිකරණ තීන්දුවට  අපි ගරු කරනවා. නමුත් අපේ මතය වුණේ මහ මැතිවරණයකට ගිහින් මේ පාර්ලිමේන්තුව තුළ ඔවුන්ට අවශ්‍ය නියෝජිතයන් පත් කරගන්න ජනතාවට අවස්ථාව ලබා දිය යුතුයි කියලා. අධිකරණ තීන්දුවක් ලබාදීපු  නිසා අපි එම තීන්දුව අභියෝග කරන්න යන්නේ නැහැ.

විපක්ෂනායක සම්බන්ධන්  මහතා ඇතුළු දෙමළ ජාතික සංවිධානය කියනවා ඔවුන්  රනිල් වික‍්‍රමසිංහ මහතාට සහයෝගය පළ කරනවා, නමුත් විපක්ෂයේ කණ්ඩායම  විදියට වාඩි වෙනවා කියලා. මෙතනදී දෙමළ ජාතික සංවිධානය එක පැත්තක් තෝරා ගත යුතුයි.

ඔවුන්  විපක්ෂයේ කාර්ය නම් කරන්නේ රනිල් වික‍්‍රමසිංහ මහතාට  මේ පාර්ලිමේන්තුවේ ඉතුරුවෙලා තියෙන්නේ 103යි.  ටී. එන්. ඒ සංවිධානයේ සහයෝගය  ගන්නවා නම් 117ක මන්ත‍්‍රීධුර සංඛ්‍යාවක්  එක්ක ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාව ඔවුන්ට තියෙනවා.
මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අපේ කණ්ඩායමේ අරගලය තිබුණේ තනතුරු වරප‍්‍රසාද එක්ක නෙමෙයි. අපිට යම්කිසි බලයක් අහිමි වෙනවා නම් විපක්ෂයේ භූමිකාව කරන එක අපිට ගැටලූවක් නෙමෙයි.
 
ඡායාරූප - ඉෂාන් සංජිව




අදහස් (0)

‘එජාපෙ තාවකාලිකව ලබන ජය මැතිවරණයේ දී ආපසු හරවනවා’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 426 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16829 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 652 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site