(නිමල කොඩිතුවක්කු)
රටේ සෞඛ්‍ය සේවාව සම්බන්ධයෙන් විවිධ පිරිස් නගන චෝදනා අසත්‍යයක් බවත් ඉන්දියාව ඇතුළු රටවල් බොහොමයක් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව අනුගමනය කරමින් සිටින බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා කොළඹදී අද (13) පැවසීය.
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව අනුගමනය කරමින් දුප්පතුන් කේන්ද්‍ර කර ගත් සෞඛ්‍ය සේවාවක් ක‍්‍රියාත්මක කිරීම නිසා ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයාට මෙවර මැතිවරණයෙන් විශිෂ්ඨ ජයග‍්‍රහණයක් හිමි වූ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
දිවයින පුරා සුවදිවි මධ්‍යස්ථාන සහ සුවනාරි මධ්‍යස්ථාන අතුරින් හොඳම සමාජ මෙහෙවරක් ඉටු කළ මධ්‍යස්ථාන සඳහා සම්මාන ප‍්‍රදානය කිරීමේ අවස්ථාවට කොළඹ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනයට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා මෙසේ ද කීවේය.
“රෝග නිවාරණය සහ ප‍්‍රතිකාර කිරීම ඉතාම වැදගත්. එහිදී බෝ නොවන රෝග පාලනය කිරීම සහ ප‍්‍රාථමික සෞඛ්‍ය සේවාවේ කාර්යභාරය පිළිබඳව දැඩි ලෙස අවධානය යොමු කර තිබෙනවා. වර්තමානයේ ශ‍්‍රී ලංකාවේ රෝග නිවාරණය හොඳ තත්ත්වයක පවතිනවා.
ශ‍්‍රී ලංකාවේ සුවදිවි මධ්‍යස්ථාන සහ සුවනාරි මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමෙන් පසු ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා ද එහි ආභාෂය ලබාගෙන එවැනි මධ්‍යස්ථාන ලක්ෂ එකහමාරක් ඉන්දියාව පුරා ස්ථාපිත කළා. තව ද ශ‍්‍රී ලංකාවේ හෘද රෝගීන් සඳහා භාවිත කරන ස්ටෙන්ස් මිල අඩු කළ පසු ඉන්දියාව ද ස්ටෙන්ස් මිල අඩු කළා. දුප්පතුන් කේන්ද්‍ර කර ගත් සෞඛ්‍ය සේවාවක් ක‍්‍රියාත්මක කිරීම නිසා ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා මෙවර මැතිවරණයෙන් ද ජයග‍්‍රහණය හිමි කර ගත්තා.
කිසියම් පුද්ගලයෙකුගේ ශරීරය තුළ පවතින රෝග මුල් අවස්ථාවේදීම හඳුනා ගැනීම ප‍්‍රතිකාර කිරීමට ඉතාම වැදගත්. එය රජයට ද වාසි සහගත වෙනවා. එම අරමුණින් දිවයින පුරා සුවදිවි මධ්‍යස්ථාන සහ සුවනාරි මධ්‍යස්ථාන 1500 ක් පමණ ස්ථාපිත කළා.
පසුගිය වසර කිහිපය තුළ සෞඛ්‍ය අමාත්‍යාංශය කළ සොයා බැලීමක දී අනාවරණය වූයේ ජනතාවගෙන් 35% ක් පමණ එම මධ්‍යස්ථාන භාවිත කරමින් රෝග පරීක්ෂණ සිදු කර ඇති බවයි. 65% ක් පමණ රෝග පරීක්ෂණ සඳහා සහභාගි වී නැහැ.
රෝග පරීක්ෂණ සදහා සහභාගිවූවන්ගෙන් ද බහුතරය කාන්තා පාර්ශ්වයයි. එම නිසා දෙවන අදියර යටතේ බි‍්‍රතාන්‍යයේ ක‍්‍රියාත්මක පුද්ගලයින් 10,000 - 15,000 පරාසයක ජනතාවට පවුලේ වෛද්‍යවරයෙක් පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
එම වෛද්‍යවරයා තමන්ට අයත්වන ජනතාවගේ සෞඛ්‍ය පරීක්ෂණ සෑම වසරක දීම අවස්ථා 2 කදී සිදු කළ යුතුයි. එමගින් මිලියන 21 ක් වූ ජනතාවගේ සියලූ සෞඛ්‍ය පරික්ෂණ නිවැරදිව සිදු වෙනවා. තව ද ක‍්‍රමවත්භාවයකින් තොර පෞද්ගලික වෛද්‍ය සේවා ක‍්‍රමය නතර කර පවුලේ වෛද්‍යවරයා මගින් ජනතාව විශේෂඥ වෛද්‍යවරුන් වෙත යොමු කිරීමේ හැකියාව ද මෙමගින් උදා වනවා” යැයිද අමාත්‍යවරයා එහිදී පැවැසීය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් වසන්තා පෙරේරා මහත්මිය, අතිරේක ලේකම් සුනිල් ද අල්විස් මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් චමිපිකා වික‍්‍රමසිංහ මහත්මිය ඇතුළු වෛද්‍යවරු රැසක් එක්ව සිටියහ.
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළින් විදේශ රැකියා සදහා පිටව යන ශ්‍රී ලාංකිකයන්ට ඉදිරියේ දී වට්ටම් ලබා දීමට රජය සුදානම් යැයි සංචාරක අමාත්‍ය ප්‍ර
පක්ෂයේ සංවිධාන ජාලය සහ ශාඛා සමිති ශක්තිමත් කරගැනීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් මේ සති අන්තයේ සිට ආරම්භ කිරීමට සමගි ජනබලවේගය තීරණය කර තිබේ.
තම අභිමතාර්ථ ඉටුකරගැනීම වෙනුවෙන් පැය 24 ක් තුළ ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කර ඇති ආණ්ඩුවට ජනතා අවශ්‍යතා වෙනුවෙන් මාස දහයක් තුළ කිසිවක් ඉටුකර ගැනීමට
විධායක ජනාධිපති ධූරයේ බලතල සීමාකර ප්‍රජාතන්ත්‍රවාදයත් පාර්ලිමේන්තුවත් ශක්තිමත් කිරීමට 19 වන සංශෝධනයට අත එස වූ පිරිස පාර්ලිමේන්තුවත් ප්‍රජාතන්ත්‍රව
තුනෙන් දෙකේ බලය පාවිච්චි කර ජනතාවගේ යහපත් අපේක්ෂාවන් ඉටු කරනවා වෙනුවට වර්තමාන ආණ්ඩුව පළවෙනි කැබිනට් මණ්ඩලයේ දීම 19 වන ව්‍යවස්ථා සංශෝධනය විසිකර දමා ජනත
සෞදි අරාබියේ වසර 30කට ආසන්න කාලයක් සේවය කරමින් සිටියදී මීට මාස දෙකකට පමණ පෙරදී රෝගාතුරවී සිහිසුන් තත්ත්වයෙන් එරට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
‘ඉන්දියාව ලංකාවේ සෞඛ්‍ය සේවාව අනුගමනය කරනවා’