IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


ඉන‍්දීය ශිෂ්‍යත්ව සඳහා අයැදුම්පත් කැඳවයි

ඉන්දීය රජය මගින් පිරිනමන ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ 2019-2020 අධ්‍යයන වර්ෂය සඳහා ශිෂ්‍යත්ව සඳහා අයඳුම්පත් කැඳවන බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි.
 
ඉන්දීය රජය වෙනුවෙන් සංස්කෘතික සබඳතා සඳහා වූ ඉන්දීය කවුන්සිලය මෙම ශිෂ්‍යත්ව පිරිනමන අතර ඒ අනුව ශිෂ්‍යත්ව වැඩසටහන් හතරක් ක්‍රියාත්මක වේ.
 
නේරු අනුස්මරණ ශිෂ්‍යත්ව, මවුලානා අසාද් ශිෂ්‍යත්ව, රජිව් ගාන්ධි ශිෂ්‍යත්ව සහ පොදු රාජ්‍ය මණ්ඩලයීය ශිෂ්‍යත්ව එලෙස ක්‍රියාත්මක වන ශිෂ්‍යත්ව වැඩසටහන්ය. 
 
ඉංජිනේරු විද්‍යාව, විද්‍යාව, ව්‍යාපාර අධ්‍යයනය, ආර්ථික විද්‍යාව, වාණිජ්‍යය, මානව/සමාජ විද්‍යාව සහ කලා යනාදී විෂය සඳහා නේරු අනුස්මරණ ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ශිෂ්‍යත්ව පිරිනමන බව මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි. 
 
මවුලානා අසාද් ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ඉහත සඳහන් කළ විෂය යටතේ ශාස්ත්‍රපති උපාධි පාඨමලා සඳහා ශිෂ්‍යත්ව පිරිනැමේ. 
 
රජිව් ගාන්ධි ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ඉංජිනේරුකරණය, තාක්ෂණ විද්‍යාව සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ උපාධි පාඨමලා හැදෑරීමට අවස්ථාව උදාවන බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි. 
 
පොදු රාජ්‍ය මණ්ඩලයීය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ වෛද්‍ය, පරිපූරක වෛද්‍ය සහ විලාසිතා නිර්මාණකරණය හැර අනෙකුත් සියලු විෂය යටතේ ආචාර්ය උපාධි පාඨමාලා හැදෑරීමට ශිෂ්‍යත්ව පිරිනමන බව ද කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය කියයි.
 
මෙරට උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ මඟ පෙන්වීම යටතේ ඉන්දීය රජය අපේක්ෂා කරන සුදුසුකම් සපුරාලන ශ්‍රී ලාංකිකයන් ශිෂ්‍යත්ව සඳහා තෝරා ගන්නා බව ද ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි. 
 
සියලුම ශිෂ්‍යත්ව වැඩසටහන් යටතේ සම්පූර්ණ පාඨමාලා කාලය සඳහා අධ්‍යාපන ගාස්තු, මාසික ජීවන වියදම් දීමනාවක් සහ පොත් සහ ලිපිද්‍රව්‍ය  සඳහා වාර්ෂික ප්‍රදානයක් ලබාදෙන අතර තෝරාගන්නා අයඳුම්කරුවන්ට විශ්ව විද්‍යාලය තුළ  නේවාසිකාගාර පහසුකම් ද සැපයේ. 
 
පෞද්ගලික ස්ථානවල නවාතැන් ගැනීමට කිසිදු ශිෂ්‍යකුට අවසර නොදෙන බව ද මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.  
 
එසේම සියලුම  ශිෂ්‍යත්වලාභීන් සඳහා පූර්ණ සෞඛ්‍ය පහසුකම්, ඉන්දියාවේ ආසන්නතම ගුවන් තොටුපළ වෙත ගුවන් ගාස්තු සහ ඉන්දියාවේ විවිධ ප්‍රදේශවල අධ්‍යාපන චාරිකා සඳහා වාර්ෂික දීමනාවක් සහ වෙනත් දීමනා රැසක්ද ලබාදෙන බව මහ කොමසාරිස් කාර්යාලය කියයි. 
 
සුදුසුකම් සපුරාලන අයැදුම්කරුවන්ට නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ www.mohe.gov.lk  වෙබ් අඩවියෙන් අයඳුම්පත් බාගත කරගත හැක. ජනවාරි මස 25 වැනිදා දක්වා අයඳුම්පත් බාර ගන්නා බව ද කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.
 
උනන්දුවක් දක්වන සිසුන්ට නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය හෝ කොළඹ පිහිටි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය හෝ සම්බන්ධ වන්නැයි ද මහ කොමසාරිස් කාර්යාලය ඉල්ලා සිටී. 
 
 
055



අදහස් (1)

ඉන‍්දීය ශිෂ්‍යත්ව සඳහා අයැදුම්පත් කැඳවයි

කේ. නිලන්ති පුෂ්පලතා Saturday, 11 February 2023 11:36 AM

මම ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ වැඩ කරන්නේ මට MA එක සංරක්ෂණ විද්‍යාවෙන් සිදු කිරිමට ශිෂ්‍යත්වයක් ලබාගත හැකිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 426 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16829 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 652 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site