(නිමල කොඩිතුවක්කු)
ඉදිරි මැතිවරණවලින් පසු විධායක ජනාධිපතිධූරය අහෝසි කර පාර්ලිමේන්තුව තවදුරටත් ශක්තිමත් කරමින් රටට අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒමට කටයුතු කරන බව සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පැවැසීය.
රටටත් ජනතාවටත් හිතැති නව ව්‍යවස්ථාවක් තුළින් වඩාත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් නිර්මාණය කිරීම එක්සත් ජාතික පක්ෂයේ අරමුණ බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
කොළඹ අරලියගහ මන්දිරයේ දී අද (27) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා මෙසේ ද කීය.
‘‘ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් මරණ දඬුවම ක‍්‍රියාත්මක කරමින් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයින් සිව් දෙනෙකුට මරණ දඩුවම ලබාදිමට එකඟතාවය පළ කරලා තියෙනවා. මම දන්නේ නැහැ ජනාධිපතිතුමා කුමන අරමුණකින් මරණ දඬුවම ක‍්‍රියාත්මක කරනවාද කියලා. නමුත් එක්සත් ජාතික පක්ෂය විදියට අපි මරණ දඬුවමට සම්පූර්ණයෙන්ම විරුද්ධයි.
විශේෂයෙන්ම මේ වන විට ලෝකයේ දියුණු රටවල මරණ දඬුවම ක‍්‍රියාත්මක වෙන්නේ නැහැ. වැරදිකරුවන්ට දඬුවම් ලබා දිය යුතුයි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට දඬුවම් ලබා දිය යුතුයි. නමුත් සමාජ සම්මතයන්ට අනුව අපි කටයුතු කළ යුතුයි.
19 සම්මත කරද්දි එවකට පාර්ලිමේන්තුවේ හිටපු එක මන්ත‍්‍රීවරයෙක් හැර සියලූ දෙනාම මේ සදහා තමන්ගේ අනුමැතිය පළ කළා.
අපි එවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයාව ජනාධිපති අපේක්ෂකයා බවට පත් කළේ මේ ඒකාධිපති බලතල අඩු කරන්නත් එතුමාගෙන් පසුව විධායක ජනාධිපති ධූරය අහෝසි කිරිමට අවශ්‍ය වටපිටාව නිර්මාණය කිරීමටයි.
අද වනවිට කවුරු හරි කියනවා නම් 19 හරියට දැක්කේ නැහැ දන්නේ නැතුව සම්මත වුණා කියලා ඒක තමන් තමන්වම හෑල්ලුවට ලක් කිරීමක් හැටියට මම දකිනවා. කවුරුහරි කියනවා නම් අපිව අන්දලා තමයි මේක ගෙනාවේ කියලා ඒ වගේ පුද්ගලයෙක් මේ රටේ කිසිදු තනතුරකට සුදුසු නැහැ කියන එක තමයි මට නම් කියන්න තියෙන්නේ.
මේ ව්‍යවස්ථාව තුළින් තව මාස කිහිපයක්වත් ජනාධිපතිතුමාව බලයේ තියාගන්නේ කියලා අපි දැක්කා පහුගිය ටිකේ දයාසිරි ජයසේකර මහතා එහෙම ගොඩාක් මහන්සි වෙනවා. මේ ප‍්‍රශ්නය තමයි මේ අයට අද තියෙන්නේ.
අපි පක්ෂයක් විදියට එක්සත් ජාතික පක්ෂය බලන්නේ 19න් එහා ගිහින් මේ ඉදිරි මැතිවරණ වලින් පස්සේ කොහොමද ජනාධිපතිධූරය අහෝසි කරන තැන දක්වා අරගෙන යන්නේ කියලා. ජනාධිපති ධූරය අහෝසි කරලා පාර්ලිමේන්තුව තවදුරටත් ශක්තිමත් කරමින් රටට අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒමට අපි කටයුතු කරනවා.
පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු රට යලි ස්ථාවර වෙමින් තිබෙනවා. රුපියල ශක්තිමත් වෙලා තියෙනවා. ආයෝජකයින් රටට පැමිණෙමින් තිබෙනවා. සංචාරක ව්‍යාපාරය ඉහළ නැංවීමේ අරමුණින් සංචාරක ආකර්ෂණය කිරිමේ වැඩපිළිළෙක් කඩිනම් කිරීමටත් අපි කටයුතු කරනවා’’යැයිද අමාත්‍යවරයා එහිදී පැවැසීය.
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළින් විදේශ රැකියා සදහා පිටව යන ශ්‍රී ලාංකිකයන්ට ඉදිරියේ දී වට්ටම් ලබා දීමට රජය සුදානම් යැයි සංචාරක අමාත්‍ය ප්‍ර
පක්ෂයේ සංවිධාන ජාලය සහ ශාඛා සමිති ශක්තිමත් කරගැනීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් මේ සති අන්තයේ සිට ආරම්භ කිරීමට සමගි ජනබලවේගය තීරණය කර තිබේ.
තම අභිමතාර්ථ ඉටුකරගැනීම වෙනුවෙන් පැය 24 ක් තුළ ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කර ඇති ආණ්ඩුවට ජනතා අවශ්‍යතා වෙනුවෙන් මාස දහයක් තුළ කිසිවක් ඉටුකර ගැනීමට
විධායක ජනාධිපති ධූරයේ බලතල සීමාකර ප්‍රජාතන්ත්‍රවාදයත් පාර්ලිමේන්තුවත් ශක්තිමත් කිරීමට 19 වන සංශෝධනයට අත එස වූ පිරිස පාර්ලිමේන්තුවත් ප්‍රජාතන්ත්‍රව
තුනෙන් දෙකේ බලය පාවිච්චි කර ජනතාවගේ යහපත් අපේක්ෂාවන් ඉටු කරනවා වෙනුවට වර්තමාන ආණ්ඩුව පළවෙනි කැබිනට් මණ්ඩලයේ දීම 19 වන ව්‍යවස්ථා සංශෝධනය විසිකර දමා ජනත
සෞදි අරාබියේ වසර 30කට ආසන්න කාලයක් සේවය කරමින් සිටියදී මීට මාස දෙකකට පමණ පෙරදී රෝගාතුරවී සිහිසුන් තත්ත්වයෙන් එරට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
‘අලුත් ව්‍යවස්ථාවක් ගෙන එනවා’