(මුදිතා දයානන්ද)
අපේ පාලනයක් යටතේ 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන්න කටයුතු කරනවා යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (05) පැවසීය.
ඔහු මේ බව පැවසූයේ බත්තරමුල්ල නෙලූම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
තවදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද පැවසීය.
19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඡන්දේ දිපු අය තමයි අපිත්. ඒත් මේකේ තියෙන වගන්ති වල එකකින් කියන දේ තව එකකින් බලරහිත වෙනවා. එහෙමත් නැත්නම් එකකට එකක් පරස්පරයි.
කොහොම හැදුවද කියලා අපිටත් තේරෙන්නේ නැහැ. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිට බලය තියෙන්නේ වසර හතර හමාරකට පසුව කියලා එක තැනක තියෙද්දී තව තැනක තියෙනවා ඒ කෙසේ වුවද අර්බුදයක් ඇති වුණ ඕනම මෙහොතක ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ බලයක් තිබෙනවා කියලා.
ඒ නිසා තමයි ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ. මොකක් වුණත් මේ ව්‍යවස්ථාවේ ගැටලූ සහගත තැන් බොහොමයක් තිබෙන නිසා අපේ පාලනයක් යටතේ එය අහෝසි කරන්න කටයුතු කරනවා.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
‘19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කරන්න කටයුතු කරනවා‘