(බිඟුන් මේනක ගමගේ)
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට හෝ නව ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනඑන්නට ජනාධිපතිවරයාට අවශ්‍ය නම් ඊට සුදුසුම ක්‍රමය එළඹෙන ජනාධිපතිවරණයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට එය ඇතුලත් කර ඊට ජනවරමක් ලබා ගැනීම යැයි නිපුණතා සංවර්ධන සහ වෘත්තිය පුහුණු නියෝජ්‍ය ඇමැති කරුණාරත්න පරණවිතාන මහතා ‘ලංකාදීප’ යට පැවැසීය.
18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඒකාධිපතිභාවය නැතිකරන්නට 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනආවේ ජනවරමක් අනුව යැයි ද 19 යනු ප්‍රගතිශීලී ව්‍යවස්ථා සංශෝධනයක් යැයි ද පරණවිතාන මහතා කීය.
19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ සීමාසහිතකම් ඇති බව ජාතික හෙළ උරුමය පිළිගන්නා නමුත් එය පාර්ලිමේන්තුව මගින් නිවැරැදි කරනු විනා ව්‍යවස්ථා සංශෝධනය ආපස්සට හැරවීමට කිසිසේත් ඉඩ දිය යුතු නැතැයි නියෝජ්‍ය ඇමැතිවරයා අවධාරණය කළේය.
ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම යනු 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රමුඛ ප්‍රතිපලයක් යැයි ද 2015 අගෝස්තුවේ දී මෙරට නිදහස් හා සාධාරණතම මහමැතිවරණය පවත්වන්නට හැකිවූයේ ඒ නිසා යැයි ද පරණවිතාන මහතා සඳහන් කළේය.
ජනාධිපතිවරයා හා හිටපු ජනාධිපතිවරයා එක්ව පසුගිය ඔක්තෝම්බරයේ ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් කළ බවට චෝදනා කළ හෙතෙම එය පරාජය කිරීමට හැකිවූයේ ද 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්වාධීන අධිකරණයක් ස්ථාපිත කිරීම නිසා යැයි ද කීය.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්තා සංශෝධනය ආපස්සට හැරවුවහොත් නැවත රට ගමන් කරනු ඇත්තේ ඒකාධිපතිවාදයකට යැයි ද එය කිසිසේත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පරිවර්තනයක් නොවනු ඇතැයි ද නියෝජ්‍ය අමාත්‍ය පරණවිතාන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළින් විදේශ රැකියා සදහා පිටව යන ශ්‍රී ලාංකිකයන්ට ඉදිරියේ දී වට්ටම් ලබා දීමට රජය සුදානම් යැයි සංචාරක අමාත්‍ය ප්‍ර
පක්ෂයේ සංවිධාන ජාලය සහ ශාඛා සමිති ශක්තිමත් කරගැනීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් මේ සති අන්තයේ සිට ආරම්භ කිරීමට සමගි ජනබලවේගය තීරණය කර තිබේ.
තම අභිමතාර්ථ ඉටුකරගැනීම වෙනුවෙන් පැය 24 ක් තුළ ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කර ඇති ආණ්ඩුවට ජනතා අවශ්‍යතා වෙනුවෙන් මාස දහයක් තුළ කිසිවක් ඉටුකර ගැනීමට
විධායක ජනාධිපති ධූරයේ බලතල සීමාකර ප්‍රජාතන්ත්‍රවාදයත් පාර්ලිමේන්තුවත් ශක්තිමත් කිරීමට 19 වන සංශෝධනයට අත එස වූ පිරිස පාර්ලිමේන්තුවත් ප්‍රජාතන්ත්‍රව
තුනෙන් දෙකේ බලය පාවිච්චි කර ජනතාවගේ යහපත් අපේක්ෂාවන් ඉටු කරනවා වෙනුවට වර්තමාන ආණ්ඩුව පළවෙනි කැබිනට් මණ්ඩලයේ දීම 19 වන ව්‍යවස්ථා සංශෝධනය විසිකර දමා ජනත
සෞදි අරාබියේ වසර 30කට ආසන්න කාලයක් සේවය කරමින් සිටියදී මීට මාස දෙකකට පමණ පෙරදී රෝගාතුරවී සිහිසුන් තත්ත්වයෙන් එරට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
19 ආපස්සට හරවන්න දෙන්නේ නෑ