IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ශ්‍රී ලංකාවේ සංචාර කර්මාන්තය ප්‍රවර්ධනයට කොරියාවෙන් මූල්‍යම ප්‍රදානයක්

( තිළිණි ද සිල්වා )
 
මේවසර තුළදී මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සදහා ඇමෙරිකානු ඩොලර් මිලියන 10.96 ක ප්‍රදානයක් ලබා දීමට කොරියානු රජය තීරණය කර ඇතැයි සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය සදහන් කරයි.
 
ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති හියෝන් ලී මහතා  අද  (14) කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා එම අමාත්‍යාංශයේදී  පැවති සාකච්ඡාවේ දී මේ බව සදහන් කර ඇත.
 
මේ අනුව කුච්චවේලි සංචාරක කලාපය සංවර්ධන කිරීම සදහා ඇමෙරිකානු ඩොලර් මිලියන 5.36 ක ප්‍රදානයක්ද , මාතලේ ඇටන්වල ප්‍රජා සත්කාරක සංචාරක ගම්මානය සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 5.6 ක ප්‍රදානයක්ද , කොරියානු රජය විසින් ලබා දීමට නියමිත යැයි එම අමාත්‍යාංශය පවසයි.
 
ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා පත්වීමත් සමග රට තුළ ඇතිව තිබෙන ආරක්ෂක තත්ත්වයන් සමග කොරියානු ඉහළ පෙළේ ව්‍යාපාරිකයන් රැසක් මෙරටට ආයෝජනයට කැමැත්තේන් සිටින බවත් කොරියානු තානාපතිවරයා සංචාරක හා ගුවන් සේවා ඇමතිවරයාට මෙහිදි දැනුම් දුන්නේය.
 
පාස්කු ප්‍රහාරයත් සමග කොරියානු සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණීමේ අඩුවක් දක්නට ලැබුණ ද රටේ පවතින වත්මන් තත්ත්වය තුළ නැවතත් කොරියානු සංචාරකයන් මෙරටට පැමිණීමට කැමැත්තක් දක්වන බව ද තානාපතිවරයා එහිදී අමාත්‍යවරයාට පෙන්වා දී ඇත.
 
ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දි කොරියා තානාපතිවරයා වෙත දන්වා සිටියේ නව රජය කොරියාව සමග ද්විපාර්ශවික සබදතා පුළුල් කිරීමට අපේක්ෂා කරන බවත් ,  කොරියානු ආයෝජන සදහා වැඩි ඉඩක් ලබා දීමට රජය කැමැත්තෙන් සිටින බවය.



අදහස් (0)

ශ්‍රී ලංකාවේ සංචාර කර්මාන්තය ප්‍රවර්ධනයට කොරියාවෙන් මූල්‍යම ප්‍රදානයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 152 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 775 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 376 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site