IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


‘‘හාමුදුරුවෝ මට්ටු කරන්නට ගිහියන්ට බාර දෙනවා නම් රටට ආණ්ඩුවක් අවශ්‍ය නෑ‘‘

(අනීෂා මානගේ)

හාමුදුරුවෝ මට්ටු කරන්නට ගිහියන්ට බාර දෙනවා නම් රටට ආණ්ඩුවක් නොතිබිය යුතු බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අද (13) වීරකැටිය කොන්දගල පුරාණ රජමහා විහාරස්ථානයේදී පැවසුවේය.

විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ වීරකැටිය කොන්දගල පුරාණ රජමහා විහාරස්ථානයේ අලුතින් ඉදිකළ විසිඑක් රියන් බුද්ධ ප්‍රතිමාවට සර්වඥ ධාතූන් තැන්පත් කිරීම සහ නිවාරණය කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

මේ අවස්ථාවට සිත්තම්ගල්ලෙන පුරාණ රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය අගලබඩ පියසිරි අනුනාහිමි, ඉත්තෑකන්දේ සද්දාතිස්ස ස්වාමීන්වහන්සේ ඇතුළු ස්වාමීන්වහන්සේලා රැසක් එක්වූහ.

පොදුජන පෙරමුණෙහි ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ, හිටපු කතානායක චමල් රාජපක්ෂ, පොදුජන පෙරමුණෙහි සභාපති ජී.එල්.පීරිස්,  දකුණු පළාත් සභාවේ සභාපති සෝමවංශ කෝදාගොඩ මහතා ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු රැසක් ද එක්වූහ.

වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා මෙසේද කීවේය.

        ‘‘මේ යුගය පිරිහෙන යුගයක්. බෝඩ් ලෑලිවලට සීමාවෙලා. ජනතාව දුක් විදින වෙලාවක, අපේ සාමණේර හාමුදුරුවොන්ට ගිහියෝ පහරදෙන හැටි අපි මෑත කාලයේදී රූපවාහිණියේ දැක්කා.

මේ සමාජය කොතරම් පිරිහිලාද කියන එක මේ කෙටි කාලයක් තුළ පිරිහිච්ච ප්‍රමාණයෙන් අපිට පැහැදිලි වෙනවා. දැන් මිනිස්සුන්ගේ හදවත් තමයි අපි හදන්න ඕනෑ. බෞද්ධ හදවතක්, හැඟීමක්, පන්සලට ආදරයක් සංඝයාවහන්සේලාට ගරු කිරීමක්, ආදරයක් ඇති වන ආකාරයටයි සමාජය සෑදිය යුතු වන්නේ.

හාමුදුරුවෝ මට්ටු කරන්න ගිහියොන්ට බාර දෙනවානම් ආණ්ඩුවක් තිබිය යුතු වන්නේ නැහැ. ආණ්ඩුවේ දුර්වලතාව අද පැහැදිලිව පේනවා.

හාමුදුරුවෝ පන්සලට එනකොට අක්කර හතරක් පූජා කර තිබෙනවා කාන්තා පාසලක් හදන්න. හැබැයි හාමුදුරුවොන්ගේ බෝඩ් එකක් නැහැ. දැන් නම් එතන බෝඩ් එකක් තිබෙනවා. ඔක්කොම ගොඩනැගිලි හැදුවේ ඒ බෝඩ් එක වගෙයි මට පේන්නේ.

එතරම් විශාල බෝඩ් එකක්. බස් රථයක් හම්බවෙනවා. හොඳ වැඩක්. මම තිස්සමහාරාමට ගියා. එහේ වැසිකිලි දෙකක් හදන්නත් ඔය වගේම ලොකු බෝඩ් එකක් සවිකරලා. මේ බෝඩ් ගහගෙන පින් කරන්න ඕනෑ කාලයක් නෙවෙයි.

පුරා වස්තු කඩා විනාශ කර දමා තිබෙනවා. ඒවායේ පොඩි ගෙවල් හැදීගෙන යනවා සමහර තැන්වල. පසුගිය කාලයේ අපි දැක්කා උතුරු නැගෙනහිර තිබෙන ආගමික සිද්ධස්ථාන ඩෝසර් කරගෙන යනවා. මෙවැනි තත්ත්වයක් රට තුළ ඇතිවන්නේ කුමන කාර්යයක් නිසාද.

විසිඑක් වැනිදා බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ අපි කවුරුත් බය වුණා. එකිනෙකා සැක කරන්න පටන් ගත්තා. තිබුණු ආගමික සංහිඳියාව පමණක් නෙවෙයි ජාතික සංහිඳියාව නැතිවෙලා ගියා.

අවුරුදු තිහකට කිට්ටු යුද්ධයක් අවසන් කරන්නට ජාතික සංහිඳියාවක් රට තුළ ඇති කරන්නට අපේ රණවිරුවන්ට, ගෝඨාභයට ඇතුළු අපිට පුළුවන්කම ලැබුණා. අවුරුදු දහයක් ගතවෙන්න මාසයක් තියෙද්දී තමයි මේ බෝම්බ පිපිරීම සිදුවුණේ.

එදා ඉඳලා පන්සල් යන්න බය වුණා. පෙරහැර බලන්න යන්න බය වුණා. පල්ලියට යන්න බය වුණා. කෝවිලට යන්න බය වුණා. හැමකෙනෙක්වම අන්තවාදියෙක් ත්‍රස්තවාදියෙක් විදියට බලන්න සමාජයට පුරුදු කළා. මෙවැනි තත්ත්වයක් රට තුළ ඇති වුණා.

මේ දවස්වල පන්සල්වල ආදායම් හොයනවා. ආදායම කීයක් ලැබෙනවාද හොයනවා. එතනින් විතරක් නවතින්නේ නැහැ. පින්කැටයත් සීල් කරනවා. මං දැක්කා තිස්සමහාරාමෙත් සීල් කරලා.දඹුල්ලේ පන්සලේත් සීල් කළා. මේ විදියට පන්සල්වලට ලැබෙන ආදායම ගණන් හදලා ආදායම් බදුවලට අය කරන්න ආණ්ඩුවට ලබා ගන්නේ මොන පදනමක් ඇතුවද. මේ නීති කොහෙන් හැදෙන ඒවාද කියන එකයි ගැටළුව.

අපිට මේවා මතක් කර දෙන්න සිදුව තිබෙනවා. අපේ යුතුකම පන්සල ආරක්ෂා කර ගැනීම , රට ආරක්ෂා කරගන්නට, බියෙන් සහ සැකයෙන් සියළු ජාතීන්ට ජීවත් වීමේ අයිතිය ලබා දීමයි. ජාතික ආරක්ෂාව රට තුළ බිහිකිරීම අපේ පූර්ණ වගකීමක්. එය ඉටුකිරීමේ කාලය දැන් එලැඹී තිබෙනවා.‘‘යැයි විපක්ෂ නායකවරයා පැවැසීය.



අදහස් (0)

‘‘හාමුදුරුවෝ මට්ටු කරන්නට ගිහියන්ට බාර දෙනවා නම් රටට ආණ්ඩුවක් අවශ්‍ය නෑ‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 409 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16754 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site